ජැක්සන් කුඩා කාලයේ සිටම ඇමරිකා නාවික හමුදාවේ විශේෂ භටයෙක් වීමට සිහින මැව්වේය. ඒහෙයින් ඔහු වසර ගණනාවක්ම ශාරීරික විනයද ස්වකැපවීම්ද කළේය. පුහුණුවන්නන් විසින් “අපායේ සතිය” ලෙසට හඳුන්වනු ලබන ශක්තිය සහ දරු ගැනිීම උකහා බලන දැඩි පරීක්‍ෂණ තුළින් ඔහු ගියේය.

ජැක්සන්ට කායිකව එම වෙහෙසකාරී පුහුණුව අවසන් කිරීමට නොහැකි වුනි. එසේ හෙයින් ඔහු අකමැත්තෙන් සීනුව නාද කර තමා පුහුණුව අත්හරින බවට ආඥාපතියාව සහ අනෙක් පුහුණුවන්නන්ව දැනුවත් කළේය. බොහෝ අයට මෙය පරාජයක් විය හැකිය. නමුත් අධික කලකිරීම මධ්‍යයේ වූවත් ජැක්සන්ට තේරුම් ගියේ තමා ලද හමුදා පුහුණුව පසු ජීවිතයට අඩිතාලමක් වූ බවය.

අපෝස්තලු පේත්‍රෑස් ඔහුගේ ක්‍රමයේ පරාජයන්ට මුහුණ පෑවේය. තමා සිරගෙට ගියත් මැරුණත් යේසුස්වහන්සේට ඇලී ගැලී සිටින බව ඔහු ප්‍රකාශ කළේය (ලූක් 22:33). නමුත් පසුව තමා යේසුස්වහන්සේව දන්නේ නැතැයි කී පසු ඔහු දැඩි වේදනාවකින් හැඬුවේය (60-62 පද). නමුත් ඔහුගේ පරාජයට එහා ගිය සැළසුමක් දෙවියන්වහන්සේට තිබුණි. පේත්‍රෑස් යේසුස්වහන්සේව දන්නේ නැතැයි කීමට පෙර යේසුස්වහන්සේ ඔහුට දැන්වූයේ “මම නුඹට කියමි. නුඹ පේත්‍රෑස්ය. තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නගන්නෙමි. පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය“ (මතෙව් 16:18; ලූක් 22:31-32 බලන්න) යනුවෙනි.

පරාජයක් නිසා ඉදිරියට යාමට ඔබ සුදුසු නැතැයි යන හැඟීම සමග ඔබ පොර බදන්නේද? පරාජයේ සීනු හඬට දෙවියන්වහන්සේ ඔබ ගැන තබා ඇති විශාල අරමුණු මග හැරීමට ඉඩ නොදෙන්න.