වසර 53 දී සෝනියා බලාපොරොත්තු නොවූ දෙය නම් ඇයගේ ව්‍යාපාරය සහ රට අත්හැර සරණාගතයන් සමග අලුත් දේශයකට යාමය. මැර කල්ලි ඇගේ ඥාති පුත්‍රයා මරා දමා වයස දහහතක ඇගේ පුත්‍රයා කල්ලියට බඳවා ගැනීමට උත්සාහ කළ විට පැන යාම එකම විකල්පය බව සෝනියා කල්පනා කළාය. “මම දෙවියන්වහන්සේට යාච්ඤා කළෙමි ….. මම අවශ්‍ය ඕනෑම දෙයක් කරන්නෙමි” සෝනියා විස්තර කළාය. “මාත් මගේ පුත්‍රයාත් සාගින්නේ මිය නොයන පිණිස ඕනෑම දෙයක් කරමි… ඔහු මල්ලක හෝ ගඟක අවසන් වනවා වෙනුවට මෙහි ඔහු පීඩා විඳිනවා බලන්න කැමැත්තෙමි”.

සෝනියා සහ ඇගේ පුත්‍රයාටත් අසාධාරණය විඳින අනෙක් අයටත් පැවසීමට බයිබලයේ යමක් ඇත්ද? යොහන් බව්තිස්ත යේසුස්වහන්සේගේ පැමිණීම ගැන ප්‍රකාශ කරද්දී ඔහු ශුභාරංචිය සෝනියාටත්, අපටත් මුළු ලෝකයටත් ප්‍රකාශ කළේය. “ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරව්” ඔහු ප්‍රකාශ කළේය (ලූක් 3:4). ඔහු දැඩිව පැවසුවේ යේසුස්වහන්සේ පැමිණි විට දෙවියන්වහන්සේ බලවත්, සම්පූර්ණ මිදීමක් ක්‍රියාත්මක කරන බවය. මෙම ගළවා ගැනීම ගැන බයිබලයේ ඇති වචනය “ගැළවීම” වන්නේය.

අපගේ පාපකාරී හදවත්වල සුවය සහ දිනෙක මුළු ලෝකයේම දුෂ්ට ක්‍රීයාවන්ගේ සුවය මෙම ගැළවීමට අයත් වන්නේය. දෙවියන්වහන්සේගේ පරිවර්ථන ක්‍රියාව සෑම කථාවකටමද සෑම මනුෂ්‍ය ක්‍රමයකටද පොදුය. එසේම එය සැමටම ලබා ගත හැකිය. “සියලු මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේගේ ගැළවීම දකින්නෝය” (6 පදය).

අප කුමණ නපුරකට මුහුණ දුන්නත් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය සහ නැවත උත්ථානය අප දෙවියන් වහන්සේගේ ගැළවීම දකින බව ස්ථීර කරන්නේය. අවසානයේ අප උන්වහන්සේගේ නිදහස අත් විඳින්නෙමු.