කැටයම්කාරියක් වන ලිස් ෂෙපර්ඩ්ගේ 2018 ප්‍රදර්ශනය වන “බලා සිටීම” බොස්ටන් ග්ලෝබ් සඟරාවේ ලේඛක විස්තර කර තිබුණේ “අනර්ඝ, විවෘත සහ ජීවිතයේ ලෝකෝත්තර භාවය” උද්දීපනය කරන්නක් ලෙසය. එය තම පියා මරණාසන්නව සිටි අවස්ථාවේ ඇය ලත් ජ්වලිත ඉස්මතුවීමකි. ප්‍රදර්ශණය පෙන්වීමට උත්සාහ දරන්නේ දැඩි බලාපොරොත්තුව නැතිවීම නිසා ඇතිවන හිස්කම, ප්‍රියයන්ට අපට ළංවිය නොහැකිය යන හැඟීම යනාදියයි.

මරණය අනර්ඝය යන්න සාමාන්‍ය ඥානයට තේරෙන්නේ නැත. කෙසේ වෙතත්, ගීතිකාකරු පවසන්නේ “ස්වාමින්ගේ ශුද්ධවන්තයන්ගේ මරණය උන්වහන්සේ ඉදිරියෙහි අනර්ඝය” යනුවෙනි (ගීතාවලිය 116:15). උන්වහන්සේගේ සෙනගගේ මරණය උන්වහන්සේට අනර්ඝය. ඔවුන් මෙහෙන් නික්මයනවිට උන්වහන්සේ ඔවුන්ව පිළිගන්නා සේක.

දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තයෝ කවුරුන්ද? ගීතිකාකරුට අනුව ඒ දෙවියන්වහන්සේගේ මිදීම නිසා දෙවියන්වහන්සේට කෘතඥතාවයෙන් මෙහෙකරන අයයි. ඔවුන් උන්වහන්සේගේ නාමය කියා හඬ ගසති. උන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් පවසන වචන වලට ගරු කරති (ගීතාවලිය 116:16-18). එවැනි ක්‍රියා දෙවියන්වහන්සේ සමග ගමන් කිරීමට, උන්වහන්සේ පිළිගන්වන නිදහස පිළිගැනීමට, උන්වහන්සේ සමග සම්බන්ධතාවයක් වර්ධනය කරගැනීමට ගන්නා පියවර නියෝජනය කරයි.

එසේ කිරීමෙන් අප “දෙවියන්වහන්සේ විසින් තෝරා ගෙන උන්වහන්සේට අනර්ඝව” සිටි යේසුස්වහන්සේ සමග සිටිමු. දේව වචනයේ දැක්වෙන්නේ : “බලව, තෝරාගත් අනර්ඝ කොණේ ප්‍රධාන ගලක් සියොන්හි තබමි. උන්වහන්සේ කෙරෙහි අදහගන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේය” (1 පේත්‍රෑස් 2:4-6) යනුවෙනි. අපගේ විශ්වාසය දෙවියන්වහන්සේ කෙරෙහි නම් අප මෙලොවින් ඉකුත් වීම උන්වහන්සේ ඉදිරියෙහි අනර්ඝ වේ.