මා විශ්ව විද්‍යාලයේ සිටින එක් වසරක මම දර කපා, පටවා, විකුණා ඒවා නිවෙස්වලට ගෙන ගොස් දුන්නෙමි. එය අමාරු වැඩකි. එම නිසා 2 රාජාවලියේ කියැවෙන අසරණ දර කපන්නා ගැන මම දුක් වූයෙමි.

එලිෂාගේ අනාගතවක්තෘ පාසැල සමෘද්ධිමත් වී තිබුණි. ඔවුන්ගේ පංති කාමරවල ඉඩ මදිවිය. කැලයට ගොස් ගස් කපා ස්ථානය පුළුල් කරමු යැයි යමෙක් යෝජනා කළේය. එලිෂාද කැමති විය. ඔහුද සිසුන් සමග ගියේය. කෙනෙක්ගේ පොරෝ තලය ජලයට වැටෙන තුරු සියල්ල හොඳින් සිදු විය (5 පදය).

එලිෂා කොක්කක් ජලයට දමා ජලය කලතා පොරෝ තලය එළියට ගත්තේ යයි සමහරු කියති. එසේ නම් එය සඳහන් කිරීම නිෂ්ඵලය. නැත. එය හාස්කමකි. දෙවියන්වහන්සේගේ හස්තය ක්‍රියාත්මක වී මිනිසාට එය ගත හැකි වන පරිදි එය ජලය මත පාවෙන්නට දෙවියන්වහන්සේ සැළැස්වූ සේක (6-7 පද).

එම සරළ හාස්කම විශාල සත්‍යයක් එළිදරව් කරයි. ජීවිතයේ අපි කරදරයට පත්වන පොඩි පොඩි දේවල් ගැන එනම් නැතිවූ පොරෝතල, නැතිවූ යතුරු, නැතිවූ උපැස් යුවළ, නැතිවූ දුරකථන යනාදිය ගැන පවා දෙවියන්වහන්සේ සළකන සේක. උන්වහන්සේ නැතිවූ දේවල් සැම විටම නැවත ලබා දෙන්නේ නැත. එහෙත් අපගේ කරදරයේදී අපව තේරුම් ගෙන අපට සහනය ලබා දෙන සේක.

ගැළවීමේ සහතිකයට අමතරව දෙවියන්වහන්සේගේ සැළකිල්ලේ සහතිකයද අත්‍යාවශ්‍යය. එය නැත්නම් අප තනි වුවාක් මෙන් අපට දැනේ. විශාල කණස්සලු ගොන්නකට අප විවෘත වේ. උන්වහන්සේ අපට සළකන බවත් කුඩා වූවත් අපගේ අලාභ ගැන ක්‍රියාත්මක වන බවත් දැන සිටීම හොඳය. අපගේ කරදර උන්වහන්සේගේ කරදරය.