සාප්පුවක සේල් එකකදී දුටු විදුලි ලාම්පුව මාගේ ගෙදර කාර්යාලයට හොඳ බව පෙනුණි. කෙසේ වෙතත් ගෙදරදී එය දල්වන්නට මම උත්සාහ කළෙමි. කිසිවක් සිදු නොවීය. ආලෝකය නැහැ. බලය නැහැ. යුෂ නැහැ. ”ප්‍රශ්නයක් නැහැ! මට ඒක පහසුවෙන් කරන්න පුළුවන්” මගේ ස්වාමි පුරුෂයා සහතික විය. ඔහු ලාම්පුව කැබලි වලට වෙන් කරද්දී ක්‍ෂණයකින් ඔහු වරද දුටුවේය. ප්ලග් එක කිසි දෙයක්ට සම්බන්ධ වී නැත. බලයේ මූලාශ්‍රයට සම්බන්ධ නොවී “සම්පූර්ණ” පියකරු ලාම්පුව නිශ්ඵල විය.

එම සත්‍යය අපටද අදාළය. යේසුස්වහන්සේ තම ගෝලයන්ට පැවසුවේ “මිදි වැල මමය. නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද මම ඔහු තුළෙහි පවතින්නේද ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි” යනුවෙනි. ඉන්පසුව උන්වහන්සේ මෙම මතක් කිරීමද එකතු කළ සේක : “මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය” (යොහන් 15:5).

මෙම ඉගැන්වීම කරන ලද්දේ මිදි වතු ඇති ප්‍රදේශයකදීය. ඒ හෙයින් උන්වහන්සේගේ ගෝලයෝ එය පහසුවෙන් වටහා ගත්තෝය. මිදී වැල් ඉතා ශක්තිමත් වැල්ය. ඒවා බොහෝ කප්පාදු කිරීම් දරා ගනිති. ඔවුන්ගේ ජීවන මූලාශ්‍රයෙන් කපා ඉවත් කළ විට ඒවා ඵලක් නැති වියළී අතු බවට පත්වෙති. අපද එසේමය.

අප යේසුස්වහන්සේ තුළ පැවත උන්වහන්සේගේ වචනයට අප තුළ ජීවත්වීමට ඉඩ දෙන විට අපි ක්‍රිස්තුස්වහන්සේම වන අපගේ ජීවන මූලාශ්‍රයට සම්බන්ධ වන්නෙමු. “මාගේ පියාණන්වහන්සේට ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය. මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්නහුය” (8 පදය) කියා යේසුස්වහන්සේ කී සේක. කෙසේ වෙතත් එවැනි ඵලදාවකට දිනපතා පෝෂණය අවශ්‍ය වේ. දෙවියන්වහන්සේ තම ප්‍රේමය සහ වචනය තුළින් අපට නොමිළයේ එය සපයන සේක. එනිසා සම්බන්ධවන්න. යුෂ ගලා යන්න සළස්වන්න.