අපගේ වැඩිමහල් දියණිය යෞවන වයසට පත්වූ විට මාත් මගේ භාර්යාවත් ඇයට සටහන් පොතක් දුන්නෙමු. එම සටහන් පොතෙහි ඇයගේ උපතේ සිට ලියන ලද සටහන් ඇතුලත් විය. ඇගේ රුචි අරුචි, ශබ්ද, එක වාක්‍යයේ කථාබස්, එහි ලියා තිබුණි. පසුව සටහන්, ලිපි ලෙස දිස් විය. අප ඇය තුළ දකින දේවල් සහ දෙවියන්වහ්නසේ ඇය තුළ කරන ක්‍රියාවන්ද එහි ඇතුළත් වුනි. ඇගේ දහතුන් වන උපන් දිනයේදී ඇයට එය දුන් විට ඇය විශ්මයට පත් වූවාය. ඇයගේ අනන්‍යතාවයේ ආරම්භය ගැන වැදගත් කොටස් එහි විය.

රොටී වැනි පොදු දෙයක් ආශිර්වාද කර යේසුස්වහන්සේ එහි අනන්‍යතාවය එළිදරව් කළ සේක. ඒ කුමක්ද? සියලු මැවිල්ල සමග එය පිළිඹිබු කළේ කුමක්ද? දෙවියන්වහන්සේගේ මහිමයයි. දෙවියන්වහන්සේ ද්‍රව්‍යාත්මක ලෝකයේ අනාගතයද ඉන් පෙන්වූ බව මම විශ්වාස කරමි. එක් දිනෙක සියලු මැවිල්ල දෙවියන්වහන්සේගේ මහිමයෙන් පිරෙනු ඇත. එසේ හෙයින් රොටී වලට ආශිර්වාද කරමින් (මතෙව් 26:26) යේසුස්වහන්සේ මැවිල්ලේ ආරම්භය සහ අවසානය පෙන්වූ සේක (රෝම 8:21-22).

සමහර විට ඔබගේ කථාවේ ආරම්භය ව්‍යාකූල විය හැකිය. සමහර විට අනාගතයේ බොහෝ යමක් ඇත්දැයි ඔබ සිතනවා විය හැකිය. නමුත් විශාල කථාවක් තිබේ. එය අරමුණක් සහිතව අරමුණක් ඇතුව ඔබව මැවු ඔබ ගැන සතුටු වන දෙවියන්වහන්සේ ගැන කථාවය. ඒ ඔබව ගැළවීමට ආ තැනන්වහන්සේ ගැන කථාවය (මතෙව් 26:28). ඔබව නැවුම් කිරීමට සහ ඔබගේ අනන්‍යතාවය නැවත ස්ථාපිත කිරීමට ඔබ තුළ උන්වහන්සේගේ ආත්මය තැබූ දෙවියන්වහන්සේගේ කථාවය. ඔබට ආශිර්වාද කරන්න බලා සිටින දෙවියන්වහන්සේ ගැන කථාවය.