“තාත්තේ රෑ කෑමට ස්තුතියි”. මා ආපන ශාලාවේ මේසය මත පිස්නාකඩ තබමින් කීවෙමි. මා විශ්ව විද්‍යාලයේ නිවාඩුවට නිවසට පැමිණ සිටියෙමි. ටික කලක් නිවසේ නොසිටී නිසා මාගේ දෙමව්පියන් මාගේ බිල ගෙවීම අමුතු දෙයක් විය. “අපි සතුටින් කරන්නේ ජුලී” කියා මාගේ පියා කීවේය. “සෑම එකකටම සෑම වෙලාවේම මට ස්තුති කරන්න අවශ්‍ය නැහැ. මා දන්නවා දැන් ඔයා තනියෙන් ඉන්නේ. නමුත් තවමත් ඔයා මගේම දුව. පවුලේම කොටසක්”. මම සිනහවක් පෑවෙමි. “ස්තුතියි තාත්තේ”.

මාගේ පවුලේ, මාගේ දෙමව්පියන්ගේ ප්‍රේමය හෝ ඔවුන් මට කර ඇති සියල්ල හෝ උපයා ගැනීමට මම කිසි දෙයක් කර නැත්තෙමි. නමුත් මාගේ පියාගේ වචන මට මතක් කළේ දෙවියන්වහන්සේගේ පවුලේ සිටීම පිණිස සුදුසුකමක් ලබන්නද මා කිසි දෙයක් කර නැති බවය.

එපීස පොතෙහි පාවුල් තම පාඨකයන්ට කියන්නේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නොකැළැල්ව ශුද්ධව සිටීමට අපව තෝරා ඇති බවය (1:4). නැතිනම් උන්වහන්සේ ඉදිරියෙහි කැළලක් නැතිව සිටීමය (5:25-27). නමුත් එය විය හැක්කේ යේසුස්වහන්සේ තුළින් පමණි. ඒ “උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය” (1:7) යන්න නිසාය. අප දෙවියන්වහන්සේගේ අනුග්‍රහය, සමාව හෝ උන්වහන්සේගේ පවුල තුළට අවතීර්ණවීම හෝ උපයා ගත යුතු නැත. අපි උන්වහන්සේ නොමිළයේ දෙන තෑග්ග පිළිගනිමු.

අප අපගේ ජීවිත යේසුස්වහන්සේට කැප කරන විට අපි දෙවියන්වහන්සේගේ දරුවෝ වෙමු. ඉන් අඅර්ථවත් වන්නේ අප සදාකාල ජීවනය ලබන බවත් අපට උරුමයක් ස්වර්ගයේ ඇති බවත්ය. එවැනි මනහර තෑග්ගක් දීම ගැන දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා!