සෑම කාසියකටම දෙපැත්තක් තිබේ. ඉදිරිපසට “නෝනා” (ඉංග්‍රීසියෙන් හිස) යයි කියනු ලැබේ. මුල් රෝම යුගයේ සිට එහි සාමාන්‍යයෙන් ඇත්තේ රටක නායකයාගේ රූපයයි. පසුපස පැත්ත “පොල්ල” (ඉංග්‍රීසියෙන් වලිගය) යනුවෙන් හැඳින්වේ. සමහර බ්‍රිතාන්‍ය දහයේ කාසියේ තිබු සිංහයාගේ එසවුනු වල්ගය නිසා එම වචනය ඉස්මතු වන්න ඇති.

කාසියක් ලෙස ගෙත්සෙමනේ ක්‍රිස්තුස්වහන්සේගේ යාච්ඤාවට පැති දෙකක් ඇත. උන්වහන්සේගේ ජීවිතයේ ගැඹුරුම අවස්ථාවක එනම් : කුරුසියේ මිය යාමට පෙර රාත්‍රියේ යේසුස්වහන්සේ යාච්ඤා කළේ “පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේවී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි” (ලූක් 22:42) කියාය. “මේ කුසලාන මාගෙන් පහකළ මැනව” කියා යේසුස්වහන්සේ කියන විට කෙතරම් සෘජු අවංක කමක්ද? උන්වහන්සේ තම පුද්ගලික ආශාව එනම් “මට අවශ්‍ය මේයයි” කියන සේක.

ඉන්පසු යේසුස්වහන්සේ කාසිය අනිත් පැත්ත පෙරළන සේක. “මාගේ කැමැත්ත නොව” කියා යාච්ඤා කරන සේක. ඒ අත්හැරීමේ පැත්තය. දෙවියන්වහන්සේට අපව භාර කිරීම ආරම්භ වන්නේ අප “දෙවියන්වහන්ස, ඔබවහන්සේට අවශ්‍ය කුමක්ද? කියා අසන විටදීය.

මේ දෙපැත්ත සහිත යාච්ඤාව මතෙව් 26 සහ මාර්ක් 14 හි සඳහන් වේ. එසේම එය යොහන් 16 හිද ඇත. යේසුස්වහන්සේ යාච්ඤාවේ දෙපැත්තම කළ සේක. මෙම කුසලාන ගන්න (දෙවියන්වහන්ස මට අවශ්‍ය දෙය). නමුත් මාගේ කැමැත්ත නොව (දෙවියන්වහන්ස ඔබට අවශ්‍ය කුමක්ද?) ඒ දෙක අතර උන්වහන්සේ සිටි සේක.

යේසුස්වහන්සේගේ දෙපැත්ත. යාච්ඤාවේ දෙපැත්ත.