වසර ගණනාවකට පෙර මාගේ භාර්යයාව මිළදී ගත් යමකින් වට්ටමක් ඇයට එවනු ලැබීය. එය ඇය බලාපොරොත්තු වූ දෙයක් නොවේ. එය තැපෑලෙන් හදිසියේ පැමිණියේය. ඒ කාලයේදී ඇයගේ මිතුරියක් වෙනත් රටක ස්ත්‍රීන්ට තිබූ දැඩි අවශ්‍යතා ගැන කියා තිබුණි. දියුණුවීමට කැමති ස්ත්‍රීන් හොඳ අධ්‍යාපනය සහ ව්‍යාපාර මගින් ඉදිරියට යාමට උත්සාහ කරමින් සිටියෝය. කෙසේ වෙතත් සෑම විටම සිදුවන්නාක් මෙන් ඔවුන්ගේ පළමු ගැටළුව වූයේ මුදල්ය.

මාගේ භාර්යයාව එම වට්ටම රැගෙන මේ ස්ත්‍රීන්ට උපකාර කරන පිණිස සුළු ණය ක්‍රමයක් ස්ථාපිත කළාය. ණය ගෙවූ පසු නැවත නැවත ඇය එය දුන්නාය. අද වන විට ඇය එවැනි ආයෝජන විසිහතක් ආරම්භ කර තිබේ. මාගේ භාර්යයාව බොහෝ දේවල් නිසා සතුටු වේ. නමුත් ඇයට කිසි දිනෙක හමු නොවූ මෙම ස්ත්‍රීන්ගේ ප්‍රගතිය ගැන යාවාත්කාලීන වාර්තාවක් ලැබුණු විට ඇයගේ මුහුණට විශාල සිනහවක් පහළ වේ.

අපි බොහෝ විට මෙම පදයේ අවසාන කොටස අවධාරණය වෙනවා අසන්නෙමු. “සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරන සේක” (2 කොරින්ති 9:7). එය හරිය. නමුත් අපගේ දීමට විශේෂිත ගුණාංගයක් තිබේ. එය සිදුවිය යුත්තේ “කණගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොවේ”. එසේම “මසුරුකමින්” නොවේ (6-7 පද). වෙනත් අතකින් කියන්නේ නම් අපගේ දීම “සතුටු” එකක් විය යුතුය. අප එකිනෙකා ටිකක් වෙනස් ලෙස දුන්නද අපගේ සතුට පෙන්වන ස්ථානය අපගේ මුහුණය.