තරුණයෙක් ලෙස ඩන්කන් භිය වූයේ ප්‍රමාණවත් මුදල් නැති කම නිසාය. ඒ හෙයින් ඔහුගේ වයස විසි ගණන් වූ විට ඔහු විශාල අපේක්‍ෂාවකින් තම අනාගතය ගොඩ නැගීම ආරම්භ කළේය. සිලිකොන් මිටියාවතේ සමාගමක ඔහු ටිකෙන් ටික ඉහළට පැමිණ විශාල ධනයක් අත් කර ගත්තේය. ඔහුට විශාල බැංකු ගිණුමක්, අධි සුඛෝපභෝගී වාහනයක්, කැලිෆෝර්නියාවේ ඩොලර් මිලියන ගණනක නිවසක් ඔහුට තිබුණි. ඔහු ආශා කළ සියල්ල ඔහුට තිබුණි. එසේ වූවත් ඔහුට කිසි ප්‍රීතියක් නොතිබුණි. “මම කණස්සලු ගතියෙන් සහ අතෘප්තියෙන් සිටියා” ඔහු කීවේය. “ඇත්තෙන්ම ධනයට ජීවිතය නරක අතට හැරවිය හැකිය”. මිටි ගණන් මුදල් ඔහුට මිත්‍රත්වය, සමූහනය හෝ ප්‍රීතිය ගෙන දුන්නේ නැත. බොහෝ විට ඔහුට පැමිණියේ හිත් අමාරුකම්ය.

සමහරු තම ජීවිතය සුරක්‍ෂිත කර ගැනීම පිණිස ධනය රැස් කිරීමට විශාල ශක්තියක් වැය කරති. එය මෝඩ ක්‍රියාවකි. “සම්පත්වලට ඇලුම් වන්නා …. තෘප්තියට නොපැමිණෙයි” (දේශනාකාරයා 5:10) යයි බයිබලය සහතික කරයි. සමහරු ඇඟිලි ගෙවෙන තුරු වැඩ කරති. ඔව්හු වීර්ය කරති. තල්ලුකර ගෙන ඉදිරියට යති. අන් අය සමග තම වස්තුව සංසන්දනය කර ආර්ථික තත්ත්වයක් මවා ගැනීමට උත්සාහ කරති. ඔවුන්ට බලාපොරොත්තුවන ආර්ථික නිදහස ලැබුණද ඔවුහු තෘප්තිමත් නොවෙති. තවත් මදිවේ. දේශනාකාරයා කර්තෘ පවසන පරිදි “මේකත් නිෂ්ඵලකමක්ය” (10 පදය).

සත්‍යය නම් දෙවියන්වහන්සේගෙන් තොරව තෘප්තිය සෙවීම නිශ්ඵල වීමය. අපට වෙහෙස වී වැඩකර ලෝකයේ යහපත වෙනුවෙන් අපගේ තලෙන්ත භාවිතා කරන්න කියා බයිබලය කීවද අපගේ ගැඹුරු ආශාවන් තෘප්තිමත් කර ගැනීමට අපට ඇති තරම් ධනය එකතු කර ගත නොහැක. සත්‍යය වූ තෘප්තිමත් ජීවිතයක් දෙන්නේ යේසුස්වහන්සේ පමණි (යොහන් 10:10). එය පදනම් වී ඇත්තේ සත්‍ය ලෙස ප්‍රමාණවත් ප්‍රේමවන්ත සම්බන්ධතාවයකය.