“දැනට ජීවත්වන නිර්භීතම මනුෂ්‍යයෙකි” යනුවෙන් ඔහුව හැඳින්වුනි. නුමුත් ඔහු අනිත් අය බලාපොරොත්තු වූ වර්ගයේ කෙනෙකු නොවීය. ඩෙස්මන්ඩ් සොල්දාදුවෙක් වූවත් ඔහු තුවක්කුවක් ගෙන යාම ප්‍රතික්‍ෂේප කළේය. වෛද්‍ය සහකරුවෙක් ලෙස ඔහු තනිවම තුවාලවූ සොල්දාදුවන් හැත්තෑ පස් දෙනෙකු සටනින් හානි නොවී බේරා ගත්තේය. ඉන් සමහරෙක් ඔහුගේ ඇදහිල්ල නිසා ඔහුව විහිළුවට ලක් කළ අය වූහ. “වෙඩි හුවමාරු වන ස්ථානයන්ට” දුව යමින් ඩෙස්මන්ඩ් නොකඩවා යාච්ඤා කළේ “ස්වාමිනී, තව කෙනෙකු සොයා ගන්න මට උපකාර කරන්න” යනුවෙනි. ඔහුගේ වීර ක්‍රියාව නිසා ඔහුට වීරත්වයේ පදක්කමක් හිමි විය.

යේසුස්වහන්සේ බොහෝ වැරදි වැටහීම් වලට භාජනය විය. සෙකරියා අනාවැකි කියූ ලෙස (සෙකරියා 9:9) යේසුස්වහන්සේ කොටළුවෙක්ගේ පිටෙන් පැමිණෙන බවත් ජනතාව තල් අතු රැගෙන “හොසන්නා” (ගළවන්න යන අදහස දෙන ප්‍රශංසාවකි) යයි කෑගසන බවත්ය. ගිතාවලිය 118:26 උපුටා ගනිමින් ඔවුන් කෑ ගැසුවේ ”ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දේය” (යොහන් 12:13) කියාය. අතේ අතු ඇතිව “පූජාවක්” ගෙන ඒම ගැන ගීතිකාවේ ඊළඟ පදය පවසයි (ගීතාවලිය 118:27). මාංසවත්වූ දෙවියන්වහන්සේ අපගේ පාපයෙන් අප බේරා ගැනීමට කැමැත්තෙන් කුරුසිය වැළඳ ගත් සේක. එම ඉලක්කය සියවස් ගණනාවකට පෙර අනාවැකියෙන්ද කියා තිබුණි.

“මුලදී ගෝලයින්ට එය වැටහුණේ නැත” කියා යොහන් ලියන්නේය. “උන්වහන්සේ ගැන මෙසේ ලියා තිබූ බව ඔව්හු සිහි කළෝය” කියායි (යොහන් 12:16). උන්වහන්සේගේ වචනයෙන් ආලෝකමත් වූ පසු දෙවියන්වහන්සේගේ සදාකාලික පරමාර්ථ පැහැදිලි විය. බලවත් ගැළවුම්කරුවෙක් එවීමට තරම් උන්වහන්සේ අපට ප්‍රේම කළ සේක.