චිත්‍රපට නරඹන්නෝ එමලි බ්‍රන්ට්ගේ මිහිරි හඬ ඇසුවේ ඇය “මේරි පොපින්ස් රිටර්න්ස්” යන කෘතියේ රඟපාන විටය. ඔවුන්ගේ විවාහයෙන් වසර හතරකට පසු ඇයගේ ස්වාමිපුරුෂයා ඇයට ඉතා සුමිහිරි කට හඬක් ඇති බව සොයා ගත්තේය. සම්මූඛ පරීක්‍ෂණයකදී ඔහු කියා සිටියේ ඇය ගායනා කරනවා ඇසුණු ප්‍රථම වතාවේ ඔහු තම මවිතය පළ කළ බවය. ඒ “ඔබ මෙය මට කියන්නේ කවදාද?” යන ගීතය ඇය ගායනා කරනවා ඇසූ පසුය.

බොහෝ විට සම්බන්ධතාවලදී අපි බලාපොරොත්තු නොවූ අප විශ්මයට පත් කරන අලුත් විස්තර සොයා ගනිමු. මාර්ක්ගේ ශුභාරංචියට අනුව ගෝලයෝ ආරම්භයේදී යේසුස්වහන්සේ ගැන අසම්පූර්ණ දැනුමක් ඇතිව උන්වන්සේ කවුද කියා තේරුම් ගැනීමට අරගල කළෝය. ගලීල මුහුදේ සිදුවීමකදී යේසුස්වහන්සේ තමන් ගැන වැඩි එළිදරව්වක් දුන් සේක. ඒ ස්වභාව ධර්මයේ බලයට එරෙහිව උන්වහන්සේ බලය පෑ විටය.

5000 කට වැඩි පිරිසක් පෝෂණය කළ පසු යේසුස්වහන්සේ තම ගෝලයන්ව ගලීල මුහුදින් යැවූ සේක. ඔව්හු දැඩි කුණාටුවකට හසු වූහ. හිරු උදාවට ප්‍රථම යමෙකු ජලයේ අවිදිනවා දැක ගෝලයෝ භ්‍රාන්ත වූහ. ක්‍රිස්තුස්වහන්සේගේ සුපුරුදු සැනසිලිදායක හඬ ඔවුන්ට ඇසුණි. “ධෛර්යවත්ව සිටින්න. මමය. භය නොවන්න” (මාර්ක් 6:50). ඊළඟට උන්වහන්සේ බුර බුරා නැගෙන මහ මුහුද නිශ්චල කළ සේක. එවැනි ශ්‍රේෂ්ඨ බලයක් දුටු ගෝලයෝ ක්‍රිස්තුස්වහන්සේගේ මෙම බලය දැන ගැනීමට අරගල කරමින් විශ්මපත් වූහ.

අපගේ ජීවිත කුණාටුවලට ඉහළින් එන යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ බලය අත්දකිද්දී උන්වහන්සේ කවුද යන්න ගැන අපට වඩාත් පූර්ණ චිත්‍රයක් ලැබේ. එවිට අපි මවිත වන්නෙමු.