ඔවුන් ජීවත්වන රටෙහි යේසුස්වහන්සේ ගැන ඔවුන්ගේ ඇදහිල්ල නිසා ඒඩ්‍රියන් සහ ඔහුගේ පවුලේ අය පීඩා විඳිති. එහෙත් ඒවා සියල්ල තුළින් ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අන් අයට පෙන්වති. ත්‍රස්තයන් පුහුණු වීම පිණිස භාවිතා කළ ඔවුන්ගේ වෙඩි උණ්ඩවලින් සිදුරු වී ඇති සභා ඉඩමේ සිට ඔහු පැවසුවේ “අද මහා සිකුරාදා. යේසුස්වහන්සේ කුරුසියේ අප වෙනුවෙන් දුක් වින්ද බව අපි මතක් කරනවා”. “පීඩාව” ඔහු තවදුරටත් කියන්නේ ”මෙහි ඇදහිලිවතුන් තේරුම් ගත් දෙයකි” යනුවෙනි. නමුත් ඔහුගේ පවුලේ අය එහිම සිටීමට තීරණය කර තිබේ. “අපි මෙහි තවමත් ස්ථීරව සිටිමු” කියා ඔහු පැවසීය.

මේ අදහිලිවතුන් යේසුස්වහන්සේ කුරුසියේ මියැදෙන ආකාරය බලා ගෙන සිටි ස්ත්‍රීන්ගේ ආදර්ශය ක්‍රියාත්මක කරන්නෝය (මාර්ක් 15:40). එහි සිටියේ මග්දලාහි මරියා, යාකොබ් සහ යෝසෙප්ගේ මව්වූ මරියා සහ සැලෝමීය. රාජ්‍යයෙහි සතුරෙක්ගේ මිතුරන් සහ නෑයින් අපහාසයට භාජනය වී දඬුවම් ලැබීමට බොහෝ දුරට හැකියාව තිබුණත් ඉහත කී ස්ත්‍රීන් එහි සිටීමට තරම් නිර්භීත වූහ. නුමුත් ඔවුන් එහි සිටීමෙන් ඔව්හු යේසුස්වහන්සේට ඇති ප්‍රේමය පෙන්වූහ. ඔව්හු “උන්වහන්සේ ගලීලයේ සිටි කල උන්වහන්සේ කැටුව ගියාවූ උන්වහන්සේට උපස්ථාන කළාවූ ස්ත්‍රීන් (41 පදය) වූ අතර උන්වහන්සේගේ ගැඹුරුම අවශ්‍යතා පැයේදී උන්වහන්සේ සමග සිටියහ.

අපගේ ගැළවුම්කරුවාණන් වන ශ්‍රේෂ්ඨතම ත්‍යාගයද කුරුසියේ මරණයද සිහි කරන මෙම දිනයේදී විවිධාකාර පරීක්‍ෂාවන්ට මුහුණ දෙන අපි යේසුස්වහන්සේ වෙනුවෙන් නැගී සිටින්නේ කෙලෙසද කියා මොහොතකට සිතා බලන්න (යාකොබ් 1:2-4 බලන්න). ලොව පුරා තම ඇදහිල්ල නිසා දුක් විඳින හවුල් ඇදහිලිවතුන් ගැන සිතන්න. ඒඩ්‍රියන් ඇසුවාක් මෙන් “ඔබගේ යාච්ඤාවෙන් අප සමග සිටගන්න ඔබට හැකිද?“ කියා අසමු.