මාගේ ගුවන් යානය අධික වේගයකින් පියාසර කරන්න පටන්ගත් විට ගුවන් සේවිකාව පළමු පංතිය වෙන් කරන තිරය වැසීය. ගුවන් යානා වල පංති වල ඇති වෙනස ගැන මට කල්පනා විය. සමහර මගීන්ට පළමුවෙන් ඇතුල්වීමට ඉඩ ලැබේ. හොඳ ආසනද පාද දිග හැරීමට වැඩි ඉඩද තිබේ. ඔවුන්ට පුද්ගලික ආවතේවද ලැබිය හැකිය. එම වරප්‍රසාද වලින් මා වෙන්වී ඇත යන යටහත් මතක් කිරීමක් එම තිරය මට ලබා දුන්නේය.

ඉතිහාසය පුරා කණ්ඩායම් එකිනෙකාගෙන් වෙන් කිරීම් දක්නට ලැබේ. එය යෙරුසලමේ දේව මාළිගයේද විය. ඒ මුදල් වැඩියෙන් ගෙවීම අනුව නොවේ. යුදෙව් නොවන අයට නමස්කාර කිරීමට ඉඩ ලැබුණේ පිට මළුවේදීය. ඊළඟට ස්ත්‍රීන්ගේ මළුවය. පිරිමින්ට ඊට වඩා ඇතුල් මළුවකි. අවසානයේ ශුද්ධස්ථානයයි. එහිදී දෙවියන්වහන්සේ අසමසම ලෙස එළිදරව් වන ස්ථානය ලෙස එය දැකිය හැකි වන අතර එය තිරයකින් වැසී තිබුණි. එම කොටසට වසරකට වරක් පමණක් යා හැකි වූයේ කැපවූ පූජකයෙකුට පමණී (හෙබ්‍රෙව් 9:1-10).

අද මනහර ලෙස එම වෙන්වීම පවතින්නේ නැත. දෙවියන්වහන්සේ වෙතට යන්න කෙනෙක්ට – අපගේ පාපවලට පවා – අවශ්‍ය වන අයට බාධාවන සෑම දෙයක්ම යේසුස්වහන්සේ සම්පූර්ණයෙන්ම නැති කර දැමු සේක (10-17). ක්‍රිස්තුස්වහන්සේගේ මරණය වෙලාවෙහිදී දේව මාළිගාවේ තිරය දෙකට ඉරුණාක් මෙන් (මතෙව් 27:50-51) උන්වහන්සේගේ කුරුසියේ ශරීරය දෙවියන්වහන්සේ වෙත යාමට තිබූ සියළු සීමා කඩා දැමීය. ජීවමාන දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ මහිමය අත් දැකීමෙන් කිසිම ඇදහිලිවතෙකු වෙන් කරන බාධාවක් දැන් නැත.