තම සිහිනයන් පසුපස යෑම පිණිස සෙනග දක්වන කැපවීම සහ උනන්දුව බලා සිටීම අපව ජ්වලිත කරයි. මම දන්නා තරුණියක් අවුරුදු තුනක් වැනි කෙටි කාලයකින් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගත්තාය. ඊට පූර්ණ කැපවීමක් අවශ්‍ය විය. මිතුරෙක්ට විශේෂිත මෝටර් රථයක් අවශ්‍ය විය – කෙසේ හෝ ඔහුගේ ඉලක්කය වෙත ළං වෙන තුරු ඔහු කේක් සෑදීමද විකිණීමද කළේය. තවත් අයෙකු තම වෙළඳාම සඳහා සතියකට සිය දෙනෙක් හමුවීමට ඉලක්ක කර තිබේ.

භෞමික දෙයක් සෙවීම එවැනි උද්‍යයෝගයකින් කිරීම හොඳය – එහෙත් අප සළකා බැලිය යුතු ඊට වඩා අගනා දෙයක් තිබේ.

අසහනයෙන් පිරි කාන්තාරයක දුක් විඳිමින් දාවිත් රජු පැවසුවේ “දෙවියන්වහන්ස, ඔබ මාගේ දෙවියන් වහන්සේය, අලුයම ඔබ සොයන්නෙමි” (ගීතාවලිය 63:1) යනුවෙනි. දාවිත් උන්වහන්සේට මොර ගසන විටදී දෙවියන්වහන්සේ වෙහෙසට පත්ව සිටි රජුට සමීප වූ සේක. දාවිත් තුළ තිබූ ගැඹුරු ආත්මික පිපාසය සංසිඳවිය හැකි වූයේ උන්වහන්සේගේ අභිමුඛයෙන් පමණී.

දෙවියන්වහන්සේව උන්වහන්සේගේ “ශුද්ධස්ථානයේදී” හමුවෙනවා රජු සිහි කළේය. සියල්ල පරදන උන්වහන්සේගේ ප්‍රේමය අත්දුටු අයුරු (3 පදය), දිනක් පාසා දිනක් උන්වහන්සේට ප්‍රශංසා කරමින් පූර්ණ තෘප්තිය ගෙන දෙන ආහාරයක් භුක්ති විඳිමින් ලබන තෘප්තියට වැඩි තෘප්තියක් උන්වහන්සේ තුළ ලැබීම (4-5 පද) යනාදිය ඔහු සිහි කළේය. රාත්‍රියේදී පවා ඔහු දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය මෙනෙහි කළේය. උන්වහන්සේගේ උපකාරය සහ රැකවරණය හඳුනා ගත්තේය (6-7 පද).

අද දෙවියන්වහන්සේව උද්‍යයෝගයෙන් සොයන්න ශුද්ධාත්මයාණන්වහන්සේ අපව පොළඹවන සේක. අප උන්වහන්සේට ඇලී ගැලි සිටින විට බලයෙන් සහ ප්‍රේමයෙන් උන්වහන්සේගේ දකුණතින් අපව ඔසවන සේක. ශුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීම අනුව සෑම යහපත් දෙයකම මැවුම්කරුවාණන් වෙතට අපි ළඟා වෙමු.