මෑතකදී කරන ලද අධ්‍යයනයකදී සොයා ගත්තේ දිරිමත් වචන ලෙඩුන්ගේ ලෙඩ ඉක්මණින් සුව කරන බවය. කුඩා පරීක්‍ෂණයකදී ස්වෙච්ඡාවෙන් අධ්‍යයනය කරන අයට චර්ම රෝගයක් ආසාදනය කරන ලදී. ඊළඟට තම වෛද්‍යවරයාගෙන් ස්ථිර වචනයක් ලැබූ සහ නොලැබූ අය පරික්‍ෂාවට ලක් කෙරුණි. වෛද්‍යවරයාගෙන් සහනදායි වචන ඇසූ අයගේ කැසිම අනිත් අයට වඩා අඩු විය.

හිතෝපදේශය ලියූ අය දිරිමත් වදන්වල වැදගත්කම දැන සිටියේය. “ප්‍රිය වචන …… ඇටවලට සැපදායක” (හිතෝපදේශ 16:24) බව ඔහු සඳහන් කළේය. වචනවල ධනාත්මක ප්‍රතිඵල අපගේ සෞඛ්‍යයට පමණක් සීමා නොවේ. උපදෙස්වල ප්‍රඥාවට අප ඇහුම්කන් දෙන විට අපගේ උත්සාහයන් වලදී අපි දියුණු වෙමු (20 පදය). එසේම දිරිමත් කිරීම අපට දැන් තියෙන සහ මතුවට පැමිණෙන අභියෝගයන්ට මුහුණ දීමට අපව ශක්තිමත් කරන්නේය.

අපගේ දිනපතා ජීවිතවලට ශක්තිය සහ සුවය ගෙන ඒමට ප්‍රඥාව සහ දිරිය කෙතරම් ක්‍රියා කරනවාද කියා අපි ස්ථීරව නොදනිමු. නමුත් අපගේ දෙමාපියන්, පුහුණුකරුවන් සහ හවුල් සේවකයන්ගේ උද්‍යයෝගයන් සහ මග පෙන්වීම් අසීරුකම් ජයගෙන සාර්ථකත්වය වෙත යන්නට අපට උපකාර කරන බව පෙනේ. එසේම බයිබලයද අප පරීක්‍ෂාවට මුහුණ දෙන විට අපට දිරිය ගෙන එයි. සිතිය නොහැකි අවස්ථාවලදී පවා අපට දරා ගැනීමට අපව සන්නද්ධ කරයි. දෙවියන්වහන්ස අපට උදව් වන්න. ඔබගේ ප්‍රඥාවෙන් ශක්තිමත්ව අපගේ ජීවිතයට ඔබවහන්සේ ගෙන එන අයට සුවය සහ බලාපොරොත්තුව ගෙන ඒමට අපට උපකාර කරන්න.