යේසුස්වහන්සේ තුළ අලුත් ඇදහිලිවතෙකුට බයිබලය කියවීමට දැඩි පිපාසයක් ඇති විය. කෙසේ වෙතත් ඔහුගේ දැස් සහ දෙඅත් පිපිරීමකින් නැතිවී තිබුණි. බ්‍රේල් ක්‍රමයට ඇගේ තොල්වලින් බයිලය කියවූ ස්ත්‍රියක් ගැන ඔහුට අසන්නට ලැබුණි. ඔහුද එසේ කිරීමටත් උත්සාහ කළේය. තම තොල්වල නහර පද්ධතිය පවා විනාශ වී ඇති බව ඔහු දැන ගත්තේ එවිටය. නමුත් පසුව ඔහු බ්‍රේල් අකුරු තම දිවෙන් ස්පර්ශ කර කියෙව්වේය. බයිබලය කියවා භුක්ති විඳීමට ක්‍රමයක් ඔහු සොයා ගෙන තිබුණි.

දේව වචනය යෙරෙමියාට ලැබුණු විට ඔහු අත්දුටු හැඟීම් සතුට සහ ප්‍රීතිය විය. “ඔබගේ වචන මට සම්බවූ විට මම ඒවා කෑවෙමි. ඔබගේ වචන මට ප්‍රීතියක් සහ සතුටක් විය (යෙරෙමියා 15:16). දෙවියන්වහන්සේගේ වචන එපා කළ යූදාහි සෙනග මෙන් නොව යෙරෙමියා ඒවා ගැන කීකරුවී ඒ ගැන ප්‍රීති විය. ඔහුගේ කීකරුකම නිසා ඔහුගේ සෙනග ඔහුව ප්‍රතික්‍ෂේප කර අසාධාරණ ලෙස ඔහුට පීඩා කළෝය (15:17).

අපගෙන් සමහරෙක් ඊට සමාන දේවල් අත්දුටුවා විය හැකිය. කාලයක් අපි සතුටින් බයිබලය කියවීමු. නමුත් දෙවියන්වහන්සේට ඇති කීකරුකම නිසා දුක සහ අන් අයගේ ප්‍රතික්‍ෂේපයට ලක් වීමු. යෙරෙමියා මෙන් අපගේ වියවුල දෙවියන්වහන්සේ වෙත අපට ගෙන ආ හැකිය. දෙවියන්වහන්සේ ඔහුව අනාගතවක්තෘ කෙනෙකු ලෙස කැඳවූ අවස්ථාවේ දුන් පොරොන්දුව මතක් කරමින් ඔහුට පිළිතුරු දුන්නේය (19-21; 1:18-19). දෙවියන්වහන්සේ ඔහුට මතක් කළේ උන්වහන්සේ කිසිදා තම සෙනග අමතක නොකරන බවය. අපටද එම සහතිකය තබා ගත හැකිය. උන්වහන්සේ විශ්වාසවන්තය. අපව කිසිදා අත්හරින්නේ නැත.