නිව් යෝර්ක් සිටි සභාවේ ආපදා සේවකයෙක් ලෙස සේවය කළ ජෝගේ සති අටේ නිවාඩු කාලය නිවාඩුවක් නොවීය. ඔහුගේ වචනයෙන් කියනවා නම් “නැවතත් නිවාස නැත්තන් සමග ජීවත් වී ඔවුන්ගෙන් කෙනෙක් වෙමින් බඩගින්න, වෙහෙස සහ අමතක වී ඇතැයි යන හැඟීම සිහිකර ගැනීමකි”. ජෝ පළමු වරට වැටුණේ වසර අටකට පෙර පිට්ස්බර්ග් වෙත පැමිණි අවස්ථාවේදීය. එකල ඔහුට ඉන්නට තැනක් නොතිබුණි. රැකියාවක් නොතිබුණි. ආහාර හෝ හරි නින්දක් නොමැතිව ඔහු දින දහතුනක් පාරේ ජීවත් විය. අවශ්‍යතාවයෙන් සිටින අය වෙනුවෙන් දශක ගණනාවක සේවයට දෙවියන්වහන්සේ ඔහුව පුහුණු කළේ එලෙසය.

යේසුස්වහන්සේ මෙලොවට පැමිණි කල උන්වහන්සේ ගළවා ගන්නට ආ අයගේ අත්දැකීම් බෙදා ගන්නට උන්වහන්සේ තීරණය කළ සේක. “ඒහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සේත් එම ආකාරයෙන් ඒවාට පංගු කාරයෙක් වූ සේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්‍ෂයාව මරණය කරණකොට ගෙන බලය නැති කොට…” (හෙබ්‍රෙව් 2:14). උත්පත්තියේ සිට මරණය දක්වා ක්‍රිස්තුස්වහන්සේ පාපය හැර මනුෂ්‍ය අත්දැකීම් කිසිවකින් අඩු නැතිව සිටි සේක (4:15). උන්වහන්සේ පාපය ජයගත් නිසා අපව පාපයෙන් පරීක්‍ෂා කරනු ලබන කල අපට උපකාර කරන්නට උන්වහන්සේට පුළුවන.

අපගේ භෞමික කාරණා නැවත ඉගෙන ගැනීමට උන්වහන්සේට අවශ්‍ය නැත. අපව ගළවන තැනන්වහන්සේ අප සමග සම්බන්ධව සිටින සේක. අප ගැන ඉතා උනන්දුවෙන් සිටින සේක. ජීවිතය කුමක් ගෙන ආවත් අපගේ විශාලතම සතුරා වන යක්‍ෂයාගෙන් අපව නිදහස් කර ඇති තැනන්වහන්සේ (2:14) අපගේ විශාලතම අවශ්‍යතා වලදී අපට උපකාර කිරීමට සුදානම්ව ඉන්නා බවට සහතික විය හැකිය.