1938 සැප්තැම්බර් 21 වන දින තරුණ කාලගුණ විද්‍යාඥයෙක් එක්සත් ජනපද කාලගුණ දෙපාර්තමේන්තුවට අනතුරු ඇඟෙව්වේ නිව් ඉන්ග්ලන්ඩ් ප්‍රදේශයට සුළි කුණාටුවක් පහර දෙනු ඇති බවය. නුමුත් කාලගුණ ප්‍රධානියා, චාර්ල්ස් පියර්ස්ගේ අනාවැකිය හෙළා දැක්කේය. එතරම් උතුරට දකුණු දිග සුළි කුණාටුවක් නොවදින බව ඔහු කීවේය.

පැය දෙකකට පසු නිව් ඉන්ග්ලන්ඩ් හී ලෝං අයිලන්ඩ් වෙත සවස 4 ට සුළිකුණාටුව වැදුණි. නැව් ගොඩ බිමට විසි විය. නිවාස මුහුදට පෙරළුණි. හය සියයකට වැඩි පිරිසක් මිය ගියෝය. හානිවූ අයට පියර්ස්ගේ සත්‍ය තොරතුරු සහ සිතියම් සමග එවු අවවාදය ලැබුණේ නම් ඔවුන්ට බේරෙන්නට තිබුණි.

සවන් දිය යුත්තේ කාගේ වචනයටද යන්න දේව වචනයෙහි බොහෝ කලකට පෙරද සටහන්වී තිබුණි. දෙවියන්වහන්සේ බොරු අනාගතවක්තෘන් ගැන අවවාද දෙන්නේය. “නුඹලාට අනාගතවාක්‍ය කියන්නාවූ ප්‍රොපේතරුවන්ගේ වචනවලට කන් නොදෙන්න. ඔව්හු නිෂ්ඵල ප්‍රාර්ථනා ඇතිව සිටින්ට නුඹලාට උගන්වති. ඔව්හු ස්වාමින්වහන්සේගේ මුඛයෙන් නොවන තමුන්ගේම සිතේ දර්ශනයක් නුඹලාට කියති” (යෙරෙමියා 23:16). දෙවියන්වහන්සේ ඔවුන්ට කීවේ “ඔව්හු මාගේ මන්ත්‍රණයෙහි පිහිටා සිටියෝ නම් ඔවුන් මාගේ වචන වලට කන් දෙන්ට මාගේ සෙනගට සළස්වනවා ඇත” (22 පදය) කියාය.

“ව්‍යාජ අනාගතවක්තෘන්” අදද අප සමග සිටිති. විද්වතුන් උපදෙස් දෙන්නේ ඔව්හු දෙවියන්වහන්සේව සම්පූර්ණයෙන්ම මගහැර හෝ ඔවුන්ගේ පරමාර්ථය සඳහා හෝ දේව වචනය විකෘති කරන බවය. නමුත් බොරුවෙන් සත්‍යය වෙන් කර ගැනීමට දෙවියන්වහන්සේගේ වචනයෙන් සහ ආත්මයෙන් උන්වහන්සේ අපට විමසීම දී තිබේ. උන්වහන්සේගේ වචනය තුළින් අප සෑම දෙයක්ම මනින විට අපගේ වචන සහ ජීවිත අන් අයට සත්‍යය පරාවර්තනය කරනු ඇත.