කැරැල්ලක් මතු කිරීමට අවශ්‍ය කුමක්ද? තුවක්කුද? බෝම්බද? ගරිල්ලා සටන්ද? 1980 අවසන් භාගයේ එස්තෝනියාවට අවශ්‍ය වූයේ ගායනයය. දශක ගණනාවක් සෝවියට් ආක්‍රමණයේ “බර” යටතේ සෙනග ජීවත් වූ පසු දේශප්‍රේමී ගීත ගායනා කරන කණ්ඩායමක් බිහි විය. එය ගායනා විප්ලවය නමින් ප්‍රචලිත විය. 1991 එස්තෝනියානු නිදහස ලැබීමට එය ප්‍රධාන භූමිකාවක් ක්‍රියාත්මක කළේය.

මෙය අහිංසාවාදී විප්ලවයක් විය. නමුත් ඉතා කුරිරු පාලනයක් පෙරළා දැමීමට එයට හැකි වුනි. එම විප්ලවය ගැන වෙබ් අඩවියක එසේ සඳහන්ව තිබුණි. සෝවියට් පාලනය යටතේ වසර පනහක් පීඩා විඳි කාලය තුළ ගායනය එන්තෝනියානු අයට එක්සත් වීමේ බලවේගයක් විය.

අපගේ අසීරු කාල දරා ගැනීමටද සංගිතය වැදගත් කොටසක් කරති. ගීතාවලිය සමග අපට ඉක්මණින් එකතු විය හැක්කේ ඒ නිසාදැයි මම කල්පනා කරන්නෙමි. ආත්මයේ අඳුරු රාත්‍රියකදී ගීතිකාකරු “එම්බා මාගේ ආත්මය මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැළඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙව්. මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි” (ගිතාවලිය 42:5) යනුවෙන් ගායනා කරයි. ගැඹුරු වියවුල් කමේ කාලයකදී නමස්කාරය මෙහෙයවූ ආසාප් මතක් කරන්නේ “සැබවින් දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්ට එනම් පිරිසිදු සිත් ඇත්තන්ට යහපත්ය” (73:1) කියාය.

අපට අභියෝග ඇති මේ කාලයෙහි අපගේ සිත්වල ගායනා කැරැල්ලක් ඇති කිරීමට අපි ගීතිකාකරු සමග ගායනා කරමුද? එවැනි විප්ලවයකින් කලකිරීමේ සහ වියවුලේ පුද්ගලික වහල්කම ජය ගත හැකිය. ඒ දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රේමය සහ විශ්වාසවන්තකම තුළ ස්ථීරභාවයකිනි .