මුහුදු පිපිඤ්ඤා ධීවරියක් වන නාඩියා, ඇගේ ගම වන මැඩගස්කරයට ආසන්න නොගැඹුරු මුහුදේ ලනු ඇද වෙන් කරන ලද මුහුදු ගොවිපලට අස්වැන්න නෙලීම සඳහා ඇතුල් වන විට පාන්දර 2 ට පමණ ඇති. ඒ හිමිදිරි පාන්දර වේලාව ඇයට බාධාවක් වන්නේ නැත. ඇය පවසන්නේ “මම මෙම මත්ස්‍ය කර්මාන්තය පටන් ගන්නට පෙර ජීවිතය ඉතාම දුෂ්කරයි. මට කිසිම ආදායම් මාර්ගයක් තිබුණේ නැහැ.” වෙලොන්ඩිරයැක් (එනම් මුහුද සමඟ ජීවත්වීම) නම් සමුද්‍ර ආරක්‍ෂක ව්‍යාපෘතියක සාමාජිකාවක වශයෙන් නාඩියාට ස්ථිර සහ වර්ධනය වන ආදායමක් ඇත. “මෙම ව්‍යාපෘතිය බිහිවීම ගැන අපි දෙවියන්වහන්සේට ස්තුති කරනවා.” ඇය තව දුරටත් පැවසුවාය.

එය බිහිවුනේ වැඩි හරියක්ම දෙවියන්වහන්සේගේ මැවිල්ල තුළින් එම ව්‍යාපෘතියට අවශ්‍ය දේ, එනම් ස්වභාවික මුහුදු ජීවීන්, ලබාගත හැකි වීම හේතුවෙනි. අපට සපයන්නාවූ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් ගීතිකා කාරයා මෙසේ ලියා ඇත, “උන්වහන්සේ පොළොවෙන් කෑම හටගන්වන පිණිස සිව්පාවුන්ට තණකොළත්, මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයට පලා ජාතිත් ”(ගීතාවලිය 104:14) එමෙන්ම “කුඩා මහත් සත්වයෝ අසංඛ්‍ය ගණන්” ඇති කළ බවයි,

දෙවියන්වහන්සේගේ පුදුම මැවිල්ල තුළින් අපටත් සපයන බව ඇත්තෙන්ම මහත් භාග්‍යයක් නොවේද. උදාහරණයක් වශයෙන් ඒ මුහුදු පිපිඤ්ඤා නිරෝගී සමුද්‍ර ආහාර දාමයක් ගොඩනඟන්නට උපකාරි වෙයි. මුහුදු පිපිඤ්ඤා  ප්‍රවේශමෙන් අල්ලාගැනීම තුළින් නාඩියාට සහ ඇගේ ගම්වාසීන්ට ජීවත්වන්නට ආදායමක් ලබා ගත හැක.

දෙවියන්වහන්සේගේ මැවිල්ලේ කිසිවක් අහම්ඹයෙන් සිදුවී නැත. ඒ සියල්ලක්ම උන්වහන්සේගේ මහිමය සහ අපගේ යහපත උදෙසා භාවිතා කරනු ලැබේ. එවිට “දිවි ඇති තාක් ස්වාමීන්ට ගී කියන්නෙමි” කියා ගීතිකා කාරයා කියයි (33 පදය). අද දින උන්වහන්සේගේ සැපයීම පිළිබඳ මෙනෙහි කරමින් අපටත් උන්වහන්සේට ප්‍රශංසා කරන්න පුළුවන.