රථ ගාලේ පාපන්දුවක් තිබෙන්නේ ඇයි? මම හිතුවෙමි. නමුත් මම ලංවෙද්දි මට තේරුම් ගියේ ඒ අළු පාටට හුරු ගුලිය පාපන්දුවක් නොවන බවයි: එය පාත්තයෙක් – මම දැකලා තිබුන දුක්ඛිතම කැනඩා පාත්තයා.

වසන්ත සමයේ මගේ රැකියා ස්ථානය අසල ඇති තණබිමේ පාත්තයන් සමුහ වශයෙන් එක්රැස් වෙති. නමුත් අද හිටියේ එක්කෙනෙක් පමණයි. ඌ උගේ බෙල්ල පිටුපසට ඇද හිස තටුවක් තුළට ඔබාගෙන සිටියේය. කොහේද ඔබෙ යාළුවන්? මම සිතුවෙමි. මේ අසරණයා තනි වී ඇත. ඌගේ තනිකම දැක්කම මට ඌව වැළඳගන්න සිතුණි. (සැ.යු. මෙය අත්හදා බලන්න එපා).

මගේ තනිවූ පිහාටු ඇති මිතුරා මෙන් පාත්තයෙක් සම්පූර්ණයෙන් තනි වී සිටිනවා මම කිසිදිනක දැක නැත. පාත්තයන් නිතරම රංචු ගැසී සිටින අතර සුළඟ පාලනය කරන පිණිස V හැඩයකින් පියාසර කරයි. ඔවුන් මවා ඇත්තේ එකට සිටීමටයි.

මනුෂ්‍යයන් වශයෙන් අපත් මවා ඇත්තේ සමාජය සමඟ එකට සිටීමටයි. (උත්පත්ති 2:18 බලන්න) එමෙන්ම දේශනාකාරයා 4:10 අප තනිව සිටින විට අපගේ අවදානම පිළිබඳ සාලමොන් විස්තර කර තිබේ: “එහෙත් තමා නැඟුටුවන්ට කෙනෙක් නැතුව තනිව සිට වැටෙන්නාට දුක්වෙයි” සංඛ්‍යා වල ශක්තියක් ඇත. තවද, “යමෙක් තනි කෙනෙකු පරදවන නුමුත් ඔහුට විරුද්ධව සිටින්ට දෙන්නෙකුට පුළුවන්වෙයි; තුන්පට ලනුවක් ඉක්මනින් නොකැඩෙන්නේය” (දේශනාකාරයා 4:12) කියා ඔහු සඳහන් කරයි.

මෙය අපට ශාරිරික වශයෙන් මෙන්ම ආත්මික වශයෙන්ද සත්‍යයකි. අපට අවදානමෙන් හුදෙකලා වී තනිව ‘පියාසර‘ කරන්නට දෙවියන්වහන්සේ අදහස් කළේ නැත. ධෛර්යමත් වන්නට, ප්‍රබෝධමත් වන්නට සහ වර්ධනය වන්නට අපට එකිනෙකා සමඟ සම්බන්ධකම් අවශ්‍යව ඇත. (1 කොරින්ති 12:21 බලන්න).

ජීවිතයේ කූණාටු අප දෙසට හමද්දී එක්ව අපට ස්ථිරව සිටිය හැක.