මම බොහෝ සෙයින් කරදර වී, එහා මෙහා ඇවිදිමින් යාච්ඤා කරන පිණිස  රාත්‍රියේ ඇහැරුණෙමි. ඇත්තෙන්ම මගේ ආකල්පය දෙවියන්වහන්සේට සම්පූර්ණයෙන්ම යටත්වීමක් වුනේ නැත. එය ප්‍රශ්න කිරීමක් සහ කෝපයෙන් යුක්ත එකක් විය. එයින් මිදෙන්නට නොහැකිව මම වාඩිවී විශාල ජනේලයෙන් රාත්‍රි අහස දෙස බලා සිටියෙමි. බලාපොරොත්තු නැතිවම මගේ අවධානය දඩයක්කාරයා තරු රටාවේ පටිය  – පැහැදිලි රාත්‍රියක බොහෝ විට දිස්වෙන පරිපූර්ණ ලෙස සකසා ඇති තාරකා තුන – දෙසට යොමු විය. මෙම තාරකා තුන ආලෝක වර්ෂ සිය ගණනක් ඈතින් පිහිටා ඇති බව තේරුම් ගැනීමට තරම් තාරකා විද්‍යාව පිළිබඳ දැනුමක් මට තිබුණි.

එම තාරකා වලට මට කිට්ටුවෙන්න හැකිවුනා නම් ඒ කිට්ටුවෙන තරමටම ඒවායේ සැකසීම පරිපූර්ණ නොවන බව පෙනී යන වග මට තේරුම් ගියේය. එහෙත් මා ඈතින් බලන විට, ඒවා අහසේ ප්‍රවේශමෙන් පෙළගසා ඇති ආකාරයට මට පෙනෙන්නේය. දෙවියන්වහන්සේ දකින දේ දකින්නට මගේ ජීවිතයට මා ලංව සිටිනවා වැඩියයි මට ඒ මොහොතේ තෙරුම් ගියේය. උන්වහන්සේගේ විශාල චිත්‍රයේ සියළු දේ ම පරිපූර්ණ ලෙස සකසා ඇත.

පාවුල් තුමා දෙවියන්වහන්සේගේ අවසාන අරමුණ පිළිබඳ සමාලෝචනයක් කරමින් ප්‍රශංසා ගීතයක් ලියයි (රෝම 11:33-36) එතුමාගේ වචන තුළින් අපගේ දෑස් අපගේ සර්වබලධාරී දෙවියන්වහන්සේ වෙතට ඔසවනු ලබයි. උන්වහන්සේගේ මාර්ග අපගේ සීමිත තේරුම් ගැනීමේ හැකියාවට වඩා උසස්ව පවතියි (33 පදය). ස්වර්ගයේත් පොළොවේත් සියල්ල එකට රඳවාගෙන සිටින තැනැන්වහන්සේ අපගේ ජීවිතයේ සෑම විස්තරයකම ප්‍රේමණීයව සහ සමීපව සම්බන්ධවී සිටින සේක (මතෙව් 6:25-34, කොලොස්සි 1:16).

සෑම දෙයම අවුල් සහගත බව දැනෙන අවස්ථාවන් වලදී පවා අපගේ යහපත සහ උන්වහන්සේගේ ගෞරවය සහ මහිමය උදෙසා දෙවියන්වහන්සේගේ දිව්‍යමය සැළසුම් දිගහැරෙමින් පවති.