ඔහුගේ දුප්පත් මිතුරාගේ බයිසිකලය සොරකම් කළ තරුණයන් පසුපස ටොම් එළෙව්වේය. ඔහුට සැළැස්මක් තිබුණේ නැත. එය කෙසේ හෝ නැවත ලබා ගත යුතු බව පමණක් ඔහු සිතාගත්තේය. පුදුමයකි! බයිසිකලය ගත් සොරුන් තිදෙනා ආපසු හැරී ඔහු දුටු විගස එය බිම දමා පලා ගියහ. බයිසිකලය ඔසවාගෙන ටොම් ආපසු හැරුණේ සහනයකින් සහ තමන් ගැන ආඩම්බරයකිනි. එවිට තමයි පිටුපසින් පැමිණි ඔහුගේ මාංශපේශී වර්ධනය කරගත් මිතුරා වූ ජෙෆ් ව ඔහු දැක්කේ.

සතුරු සේනාව නගරය වට කර සිටිනවා දුටු විට එළිෂාගේ සේවකයා කලබල වුනි. ඔහු එළිෂා වෙත දිව ගොස් “අහෝ ස්වාමිනි, අපි මක්කරමුද?” එළිෂා ඔහුව සන්සුන් කර “ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝය” කියා කීවේය. එවිට ස්වාමින්වහන්සේ සේවකයාගේ ඇස් පැහැදු සේක. “වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය” (15-17 පද).

ඔබ යේසුස්වහන්සේ අනුගමනය කරන්නට වීරිය දරන්නේ නම් සමහර විට අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වනු ඇත. ඔබ සැමවිටම නිවැරදි දේ කරන්නට උත්සාහ කරන නිසා ඔබේ කීර්තිය අවදානමට ලක් විය හැකිය, සමහර විට ඔබේ ආරක්‍ෂාවටද තර්ජන එල්ල විය හැකිය. සියල්ල කෙසේ අවසන් වේ දැයි සිතමින් ඔබට නින්ද අහිමි වන්නටද හැකිය. මතක තබාගන්න ඔබ තනිවී නැත. ඉදිරියේ ඇති අභියෝගයට වඩා ඔබ ශක්තිමත් හෝ වඩා දක්‍ෂ වීමට හෝ අවශ්‍ය වන්නේ නැත. යේසුස්වහන්සේ ඔබ සමඟ වන සේක, උන්වහන්සේගේ බලය සියළු ප්‍රතිවාදීන්ට වඩා වැඩිය. පාවුල්ගේ ප්‍රශ්නය ඔබගෙන්ම අසාගන්න. “දෙවියන්වහන්සේ අපේ පක්‍ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද?” (රෝම 8:31). ඇත්තෙන්ම කවුද? කිසිවෙක් නොවේ. ඔබේ අභියෝගය වෙත දෙවියන්වහන්සේ සමඟ දිව යන්න.