සෑම දිනම දහවල් 3.16 ට ශෙලීගේ දුරකථනයේ සීනුව නාද වූ විට ඇය ප්‍රශංසා විවේකයක් ගන්නීය. ඇය දෙවියන්වහන්සේට ස්තුති කරමින් උන්වහන්සේගේ යහපත්කම මතක් කරගන්නීය. දවස පුරාම ඇය දෙවියන්වහන්සේ සමඟ කථාකරන නමුත් ශෙලි ඉතාමත්ම ආශාවෙන් මේ විවේකය ගන්නේ උන්වහන්සේත් සමඟ ඇයට ඇති සමීප සම්බන්ධතාවය සමරන්නට ඇයට උපකාරි වෙන නිසාය.

ඇගේ ප්‍රීතිමත් භක්තියෙන් දිරිගැන්වී ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසි පූජාවට ස්තුති කරන්නට සහ තවමත් ගැළවීම ලබා නැති අය වෙනුවෙන් යාච්ඤා කරන්නට දිනපතා කාලයක් වෙන් කරන්නට මම තීරණය කළෙමි. ක්‍රිස්තුස්වහන්සේ තුළ සෑම ඇදහිලිවතෙක්ම දිනපතා උන්වහන්සේට ප්‍රශංසා කරන්ටත් අන් අය වෙනුවෙන් යාච්ඤා කරන්ටත් මොහොතක් නවතිනවා නම් කුමක් සිදුවෙයි ද කියා මම සිතුවෙමි.

ලොව කෙළවර දක්වා පෙරැළෙන අලංකාර නමස්කාර රැල්ලක දෝංකාරයක් ගීතාවලිය 67 වචන තුළින් අපට දැනෙන්නේය. සියළු ජාතීන් අතරේ උන්වහන්සේගේ නාමය ප්‍රකාශ කරන්නට ඇති ආශාව ප්‍රකාශ කරමින් ගීතිකාකාරයා දෙවියන්වහන්සේගේ කරුණාව ඉල්ලා කන්නලව් කරන්නේය (1-2 පද). “දෙවියන්වහන්ස, මනුෂ්‍ය වර්ගයෝ ඔබට ප්‍රශංසාකෙරෙත්වා; සියලු මනුෂ්‍ය වර්ගයෝ ඔබට ප්‍රශංසාකෙරෙත්වා” කියා ඔහු ගායනා කරයි (3 පදය).

උන්වහන්සේ යුක්තිගරුක විනිශ්චය සහ විශ්වාසවන්ත මඟපෙන්වීම සමරනු ලබන සේක (4 පදය). දෙවියන්වහන්සේගේ ඉමහත් ප්‍රේමය සහ ආශිර්වාද ගැන ජීවමාන සාක්‍ෂියක් ලෙස ගීතිකාකාරයා ප්‍රීති ප්‍රමෝදයෙන් පිරි ප්‍රශංසාවකින් සෙනඟට මඟපෙන්වයි (5-6 පද).
දෙවියන්වහන්සේගේ දරුවන් වෙත උන්වහන්සේ දක්වන නොනවතින විශ්වාසවන්තකම පිළිගන්නට අපව දිරිගන්වයි. අප එසේ කරන විට අන් අයද උන්වහන්සේ විශ්වාස කිරීමටද උන්වහන්සේට ගරුබුහුමන් දක්වන්නටද උන්වහන්සේ අනුගමනය කරන්නට සහ උන්වහන්සේට ස්වාමින්වහන්සේ ලෙස පැසසුම් කරන්නටද අප හා එක් වනු ඇත.