පීඩනයෙන් පිරි සතියක් අවසානයේ මාගේ මනස තුළ පොරබදින ආවේගශීලි හැඟීම් පිළිබඳ මාගේ උපදේශිකාව සමඟ බෙදාගත් විට ඇය කල්පනාකාරීව සවන් දුන්නාය. පසුව ඇය මට ආරාධනා කළේ ජනේලයෙන් පිටත සරත් සෘතුවේ තැඹිලි සහ රන්වන් පාටින් පිරි ගස්වල අතු සුළඟට එහා මෙහා වැනෙන දෙස බලන්නට කියාය.

ඒ සුළඟට ගස් වල කඳන් කිසිසේත්ම සෙළවෙන්නේ නැති බව මට පෙන්වා දෙමින් මාගේ උපදේශිකාව පැහැදිලි කළේ “අපිත් සමහර විට ඒ වගේ කියාය. අපේ ජීවිත වල අභියෝග හැම පැත්තෙන්ම හමන විට අපේ හැඟීම් ද එහෙ මෙහෙ වැනෙන්නේය. සමහර විට අපි ජීවත් වෙන්නේ අපිට අතු පමණක් තිබෙන ආකාරයටයි. එසේ හෙයින් අපේ අරමුණ වන්නේ ඔබේ කඳ සොයා ගැනීමට ඔබට උපකාර කිරීමයි. එවිට ජීවිතයේ හැම අතින්ම සූළඟ හමන විට ඔබ ඔබේ අතු වල ජීවත් නොවනු ඇත. ඔබ අවසානය තෙක් ආරක්‍ෂිතව සහ ස්ථාවරව සිටිනවා ඇත” යනුවෙනි.

එය මා මනසේ සිරවී ඇති රූපයකි; එපීසයේ නව ඇදහිලිවතුන්ට පාවුල්තුමා පරිනැමුවේ මෙවැනි රූපයකි. දෙවියන්වහන්සේගේ ඇදහිය නොහැකි තිලිණය ගැන ඔවුන්ට මතක් කර දෙමින් එනම් අතිවිශාල අරමුණක් සහ වටිනාකමක් ඇති නව ජීවිතයක්ද (එපීස 2:6-10) ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයේ “මුල් බැස ස්ථිරව පිහිටා සිටින පිණිසද” (3:17) මින් ඉදිරියට “සියළු ආකාර ඉගැන්වීම් නැමැති සුළඟින් ඔබමොබ විසිවෙන” (4:14) අය නොවන පිණිසද පාවුල්තුමාගේ බලාපොරොත්තුව ඔවුන් සමඟ බෙදාගත්තේය.

අප තනිව සිටින අවස්ථාවලදී අපට ඇති බිය සහ අනාරක්‍ෂිත බවෙන් පහර කන විට අවිනිශ්චිත සහ බිඳෙන සුළු බවක් දැනෙන්ට ඉඩ ඇත. නමුත් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ නව අනන්‍යතාවය සමඟ අප වර්ධනය වන විට (22-24 පද) ක්‍රිස්තුස්වහන්සේගේ බලය සහ අලංකාරයෙන් පෝෂණය වෙමින් (15-16 පද) අපට දෙවියන්වහන්සේ සමඟත් එකිනෙකා සමඟත් ගැඹුරු සමාදානයක් අත්දැකිය හැක (3 පදය).