චංචල ඇදහිල්ල නම් ග්‍රන්ථයේ කතෘ දේවධර්මාචාර්ය රිචඩ් මෝව් ලියා ඇත්තේ අතීතයේ පාඩම් මතක තබාගැනීමේ වැදගත්කම ගැනය.
ඔහු සමාජ විද්‍යාඥ රොබට් බෙලාගේ වචන උපුටා දක්වමින් “නීරෝගී ජාතීන් ‘මතක තබාගන්නා ප්‍රජාවන්’ විය යුතු යැයි සඳහන් කර ඇත. බෙලා එම මූලධර්මය පවුල් ඒකකය වැනි වෙනත් සමාජ බැඳීම් වලට ද ව්‍යාප්ත කළේය. මතක තබා ගැනීම සමාජය තුළ ජීවත්වීමේ වැදගත් අංගයකි.

සමාජීය මතකයේ වැදගත්කම දේව වචනයෙන්ද අපට උගන්වනු ලබයි. ඉශ්‍රායෙල්වරුන්ට පසුකරයාමේ මංගල්‍යය්දී තිබුණේ ඔවුන් ඊජිප්තුවේ වහල් කමින් බේරාගන්නට දෙවියන්වහන්සේ කළ දේ මතක තබා ගැනීමටයි (නික්මයාම 12:1-30 බලන්න). අද දිනටත් ලොව පුරා සිටින යුදෙව්වන් එම අනගි සමාජ මතකය සෑම වසන්තයකම නැවත මතක් කරගනිති.

යේසුස්වහන්සේගේ අනුගාමිකයන්ටත් පසුකරයාමේ මංගල්‍යය ගැඹුරු අරුතක් එක් කරයි. මන්ද එය මෙසියස්වහන්සේගේ කුරුසි පූජාව පෙන්වා දෙන හෙයිනි. යේසුස්වහන්සේ උන්වහන්සේගේ අනුස්මරණ මේසය පිහිටවූවේ කුරුසිපත් වීමට පෙර රාත්‍රියේ එනම් පසුකරයාමේ මංගල්‍යය කාලය තුළදීය. ලූක් 22:19 එය මෙසේ වාර්ථා කරයි “උන්වහන්සේ රොටි ගෙන ස්තුති කොට කඩා ඔවුන්ට දී: ‘මේක නුඹලා උදෙසා දෙන ලද මාගේ ශරීරයය; මා සිහිකිරීම පිණිස මෙය කරපල්ලා” යයි කී සේක.

අපි රාත්‍රි භෝජනය සමරන්නට ස්වාමින්වහන්සේගේ මේසය වටා රැස්වෙන සෑම විටකම ක්‍රිස්තුස්වහන්සේ අපව පාපයේ වහල්කමිනු මුදවා සදාකාල ජීවනය ලබා දුන් බව අප මතක් කර ගන්නෙමු. යේසුස්වහන්සේගේ ගැළවීමේ ප්‍රේමය උන්වහන්සේගේ කුරුසිය මතක තබාගැනීමට තරම් වටින බව අපට මතක් වේවා.