“අයියෝ!” මාගේ භාර්යයාව මුළුතැන්ගෙයට ඇතුල් වනවාත් සමඟම කෑගැසුවාය. ඇය කෑගසත්ම “මැක්ස්” අපගේ රාත්තල් 90 ලැබ්‍රඩෝ රිට්‍රිවර් එතැනින් පලා ගියේය.

කවුන්ටරයේ දාරයට ඉතාම ලඟින් තබා තිබූ බැටළු මස් ගාතය පෙනෙන්නට තිබුණේ නැත. හිස් බඳුන පමණක් ඉතිරිකර මැක්ස් එය සම්පූර්ණයෙන්ම කා දමා තිබුණි. ඌ ඇඳ යට හැංගෙන්න හැදූ නමුත් ඇඳ යටට ගියේ උගේ ඔළුව සහ උරහිස් පමණී. මම ඌව සොයාගෙන යන විට එළියට තිබුණු වලිගය සහ ඇඟ නිසා ඔහු සිටි ස්ථානය ලේසියෙන් සොයා ගැනීමට හැකි වුනි.

“අනේ මැක්ස්” මම මිමුණුවෙමි. “ඔබේ ‘පාපය’ ඔබව සොයාගනියි”. ඒ කියමන මෝසෙස්ගෙන් ලබාගත් එකකි. දෙවියන්වහන්සේට කීකරු වන්නටත් ඔවුන්ගේ පොරොන්දු ඉෂ්ඨ කරන්නටත් මෝසෙස් ඉශ්‍රායෙල් වංශ දෙකකට අවවාද කළ අවස්ථාවේ එසේ කියන ලදී. ඔහු ඔවුන්ට කීවේ : “එහෙත්, ඔබ සැම එසේ නොකළොත්, බලව, ඔබ සැම ස්වාමීන්වහන්සේ ට විරුද්ධව පව්කළා වේ. ඔබ සැමගේ පාපයද ඔබ සැම පිටට පැමිණෙන බව සහතිකලෙස දැන ගන්න.” (ගණන් කථාව 32:23) යනුවෙනි.

පාපය සුළු මොහොතකට හොඳ හැඟීමක් ගෙන දෙනු ඇත. නමුත් එය දෙවියන්වහන්සේගෙන් වෙන්වීමේ පරම වේදනාව ඇති කරයි. දෙවියන්වහන්සේට කිසිවක් මඟහැරෙන්නේ නැති බව මෝසෙස් සෙනඟට මතක් කර දුන්නේය. එක් බයිබලීය කතෘවරයෙක් මෙසේ කියා ඇත: “අප ගණන් දිය යුතු තැනැත්තාගේ දෙනෙත් ඉදිරියේ සෑම දෙයක්ම වැස්මක් නොමැතිව අනාවරණය වී තිබේ (හෙබ්‍රෙව් 4:13).

සියල්ල දකින නමුත් අපගේ ශුද්ධවූ දෙවියන්වහන්සේ අපගේ පව් කියා දෙන්නට සහ පසුතැවිලිවී නිවැරදි මාර්ගයක ගමන් කරන පිණිස ප්‍රේමණීය ලෙස අපව උන්වහන්සේ වෙතට ඇද ගන්නා සේක (1 යොහන් 1:9). අපි අද දින ප්‍රේමයෙන් උන්වහන්සේව අනුගමනය කරමු.