බෙලීස් නම් රටේ වැඩිහිටි නිවාසයක රෝද පුටුවක වාඩිවී සිටි මිනිසෙක් අමෙරිකානු උසස් පාසලක යෞවන සිසුන් යේසුස්වහන්සේ ගැන ගායනා කරනවා ඉතා ප්‍රීතියෙන් අසා සිටියේය. පසුව එම දරුවන් කිහිප දෙනෙක් ඔහු සමඟ කථාකරන්නට උත්සාහ කළ විට ඔහුට කථාකරන්නට බැරි බව ඔවුන්ට වැටහුනි. ආඝාතය හේතුවෙන් ඔහුට කථා කිරීමේ හැකියාව නැතිව ගොස් තිබුණි.

ඔහු සමඟ කථා කරන්නට බැරි නිසා ඔහුට ගීත ගායනා කරන්නට මෙම යෟවණයන් තීරණය කළහ. ඔවුන් ගායනා කරන්නට පටන්ගත් විගස පුදුම දෙයක් සිදුවෙන්නට පටන් ගත්තේය. කථා කරන්නට බැරි තැනැත්තා ගායනා කරන්නට පටන් ගත්තේය. මහත් උද්යෝගයකින් ඔහු “මහත් බලැත් දෙව් ඔබමැයි” යන ගීතය ඔහුගේ අලුත් මිතුරන් සමඟ උස් හඬින් ගායනා කරන්නට යෙදුණි.

එය සැමදෙනාටම ඉතාම විශ්ෂ්ඨ මොහොතක් වූහ. මේ තැනැත්තා දෙවියන්වහන්සේට දැක්වූ ප්‍රේමය සියළු බාධක බිඳදමමින් බලවත් නමස්කාරයකින් ගළා එන්නට වූනි. – හදපිරි ප්‍රීතිමත් නමස්කාරයක්.

අප සෑමදෙනාටම කලින් කලට නමස්කාරයට බාධාවන් ඇති විය හැකිය. සමහර විට එය සම්බන්ධතා ගැටුමක් හෝ මුදල් ප්‍රශ්නයක් විය හැකිය. එසේත් නැත්නම් දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවය තරමක් සීතලවූ හදවතක් හේතුවෙන් විය හැකිය.

අපගේ කථා කරන්නට නොහැකිවූ මිතුරා අපට මතක් කර දුන්නේ අපගේ සර්වබලධාරි දෙවියන්වහන්සේගේ මහිමයට සහ ශ්‍රේෂ්ඨත්‍වයට ඕනෑම බාධාවක් බිඳදැමිය හැකි බවයි. “මා ස්වාමිනි ඔබ මහිමෙ දුටිම් ඔබගේ සෑම මැවිලි ගැනා!”

ඔබ නමස්කාර අරගලයක සිටිනවාද? ගීතාවලිය 96 වැනි බයිබල් කොටස කියවීමෙන් දෙවියන්වහන්සේ කොතරම් ශ්‍රේෂ්ඨද කියා මෙනෙහි කරන්න. එවිට ඔබගේ බාධාවන් සහ විරෝධතා ප්‍රශංසා බවට පරිවර්තනය වන බව ඔබ දකිනු ඇත.