මිංටෙක් තදබල හිසේ රුදාවකින් ඇහැරුනේ මෙය තවත් ඉරුවාරදයක් කියා සිතමින්ය. නමුත් ඔහු ඇඳෙන් බැස්ස විගසම බිමට ඇදගෙන වැටුනි. ඔහු රෝහලට ඇතුල් කළ විට වෛද්‍යවරුන් කීවේ එසේ වූයේ ආඝාතය නිසාය කියායි. මාස 4ක පුනරුත්ථාපනයෙන් පසු ඔහුට කල්පනා කිරීමේ සහ කථා කිරීමේ හැකියාව නැවත ලැබුන නමුත් තවමත් ඇවිදින්නේ අපහසුතාවක් සහ වේදනාවක් ඇතිව මදක් කොර ගසමිනි. ඔහු බොහෝවිට බලාපොරොත්තු සුන්වී කල් ගෙවන නමුත් යෝබ්ගේ පොතෙන් ඔහුට සහනයක් ලැබුණි.

යෝබ්ට එක් රැයකින් ඔහුගේ සියලු ධනය සහ ඔහුගේ දරුවන්ද නැතිවුනි. සිත කම්පාවූ ආරංචිය නොතකා ඔහු පළමුවෙන්ම බලාපොරොත්තු ඇතුව දෙවියන්වහන්සේ දෙස බලමින් සියලු දේ සැපයීම ගැන උන්වහන්සේට ප්‍රශංසා කළේය. විපත්ති කාලයේදීත් දෙවියන්වහන්සේගේ සර්වබලධාරී හස්තය ඔහු පිළිගත්තේය (යෝබ් 1:21). ඔහුගේ ඉමහත් ඇදහිල්ල ගැන අපි පුදුමයට පත් වන නමුත් යෝබ්ටත් බලාපොරොත්තු සුන්වීමේ හැඟීම් ඇතිවුනි. ඔහුගේ නිරෝගී බව නැතිවූ විට (2:7) ඔහු ඉපදුන දවසට පවා ශාප කළේය (3:1). ඔහුගේ වේදනාව පිළිබඳව ඔහු මිතුරන් සහ දෙවියන්වහන්සේ සමඟ අවංක වුනි. අවසානයේදී කෙසේ හෝ දෙවියන්වහන්සේගේ හස්තයෙන් යහපත සහ අයහපත යන දෙකම ලැබෙන බවට පිළිගත්තේය (13:15; 19:25-27).

අපගේ දුක්විඳීම් වලදී අපත් කනස්සල්ල සහ බලාපොරොත්තුවත් අවිශ්වාසය සහ ඇදහිල්ලත් අතර දෝලනය වන අවස්ථා ඇති විය හැක. විපත්ති කාල වලදී නිර්භීතව නොසැලී සිටීමට දෙවියන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන්නේ නැත. ඒ වෙනුවට අපගේ ප්‍රශ්න සමඟ උන්වහන්සේ වෙතට එනතෙක් බලා සිටින සේක. සමහර අවස්ථාවලදී අපගේ ඇදහිල්ල අපව අතහැර ගියත් දෙවියන්වහන්සේ සෑම විටම විශ්වාසවන්තව සිටින බවට අපට දෙවියන්වහන්සේව විශ්වාස කළ හැකිය.