වසර ගණනාවකට පෙර මගේ අවුරුදු හතරක් වූ පුතා ලෝහ තහඩුවක සවි කර තිබූ රාමු කළ ලී හදවතක් මට දුන්නේය. එහි හරි මැදින් සදාකාලික යන වචනය පින්තාරු කර තිබුණි. “මම ඔබට සදාකාලිකව ආදරෙයි අම්මා” කියා ඔහු කීවේය.

මම ඔහුට හාදුවක් දෙමින් ස්තුති කර “මම ඔයාට ඊටත් වඩා ආදරෙයි” කියා කීවෙමි.

ඒ මිල කළ නොහැකි තෑග්ග මගේ පුතාගේ නිම නොවන ආදරය ගැන තවමත් සහතිකයක් වෙයි. අපහසුතා ඇති දිනවලදී ඒ මිහිරි තෑග්ග තුළින් මාව සනසමින් මම ගැඹුරින්ම ආදරය ලබන්නෙක් බව සහතික කරමින් දෙවියන් වහන්සේ මා දිරිමත් කරන සේක.

එහි රාමුව මට මතක් කරන්නේ උන්වහන්සේගේ වචනය පුරාවට ප්‍රකාශව ශුද්ධාත්මයාණන් තුළින් සනාථ වන දෙවියන්වහන්සේගේ සදාකාලික ප්‍රේමය ගැනය. ගීතිකාකාරු මෙන් දෙවියන්වහන්සේගේ නොවෙනස්වන යහපත්කම විශ්වාසකරමින් අපට උන්වහන්සේගේ දරාගැනීමේ ප්‍රේමය සහතික කරන ප්‍රශංසා ගායනා කළ හැකිය (ගීතාවලිය 136:1). ස්වාමින්වහන්සේගේ සීමාරහිත අවබෝධය සහ නිමක් නැති ආශ්චර්යයන් ගැන මෙනෙහි කරන විට (4-5 පද) උන්වහන්සේ සියල්ලන්ට වඩා උසස් බවත් සියල්ලන්ට වඩා ඉහළින් සිටින නිසාත් උන්වහන්සේට ප්‍රශංසා කළ හැකිය (2-3 පද). අපට සදාකාලිකව ප්‍රේම කරන දෙවියන්වහන්සේ අවබෝධයෙන් සහ සැළකිල්ලෙන් ස්වර්ගයත් පොළොවත් මැවූ, කාලය පාලනය කිරීම පවා පවත්වාගෙන යන තැනැන්වහන්සේය (6-9 පද).

ගීතිකාකාරයා ගායනා කළ සදාකාලික ප්‍රේමය අපගේ සියළු බල ඇති මැවුම්කරු සහ දරා සිටින්නා වන උන්වහන්සේ අද දින උන්වහන්සේගේ දරුවන්ගේ ජීවිතවලට ගලාඑන්ට සලස්වන නොනවතින ප්‍රේමයමයි. අප කුමන අවස්ථාවකට මුහුණ දුන්නත් අපව සෑදූ අප සමඟ රැඳී සිටින අපට කොන්දේසි විරහිතව සම්පූර්ණ ලෙස ප්‍රේමකරන තැනැන්වහන්සේ අපව ශක්තිමත් කරන සේක. දෙවියන්වහන්ස, ඔබවහන්සේගේ ජීවිත පරිවර්තනය කරන නොනිමි ප්‍රේමය පිළිබඳ අපට ගණන් කළ නොහැකි වාර ගණනක් මතක් කිරීම ගැන ස්තුතියි!