සෙයිඩි සහ ඔහුගේ පවුලට “විවෘත දෑත් සහ විවෘත නිවස” යනුවෙන් දර්ශනයක් ඇත. ඔහු කියන්නේ ඔවුන්ගේ නිවසේදී සෑමවෙලේම මිනිසුන්ව පිළිගනු ලැබේ. ඒ “විශේෂයෙන් විපතට පත් වූ අය”යි යනුවෙනි. ලයිබීරියාවේ ඔහුගේ සහෝදර සහෝදරියන් නව දෙනා සමඟ ඔහු හැදුනු වැඩුනු නිවස එවන් එකක් විය. ඔහුගේ දෙමව්පියන් නිතරම අන් අයව ඔවුන්ගේ පවුලට පිළිගනු ලැබූහ. ඔහු කියන්නේ “අපි ප්‍රජාවක් ලෙස වැඩුනා. අපි එකිනෙකාට ප්‍රේම කළා. හැමකෙනෙක්ම හැමකෙනෙක් ගැන වගකීමක් දැරුවා. එකිනෙකාට ප්‍රේම කරන්න එකිනෙකා ගැන සැළකිලිමත් වෙන්නට සහ එකිනෙකා ආරක්‍ෂා කරන්නට අපේ පියා අපට ඉගැන්වුවා” කියාය.

දාවිත් රජතුමාට අවශ්‍යතාවක් තිබුනු විට දෙවියන්වහන්සේ තුළ ඔහු මේ ආකාර ආදරණීය රැකවරණයක් ලැබුවේය. 2 සාමුවෙල් 22 (සහ ගීතාවලිය 18) හි තම ජීවිත කාලය පුරාවටම දෙවියන්වහන්සේ ලබා දුන් රැකවරණය උදෙසා ඔහු උන්වහන්සේට ගැයූ ප්‍රශංසාවන් වාර්තා වෙයි.  “මාගේ විපතේදී ස්වාමීන්ට අයැදීමි, එසේය, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි. උන්වහන්සේ තමන් මාලිගාවේ සිට මාගේ හඬ ඇසූසේක, මාගේ හඬ උන්වහන්සේගේ කණෙහි වැටුණේය” (2 සාමුවෙල් 22:7) කියා ඔහු සිහිපත් කළේය. කීප අවස්ථාවකම සාවුල් රජතුමා ඇතුළු ඔහුගේ සතුරන්ගෙන් දෙවියන්වහන්සේ ඔහුව බේරාගත් සේක. ඔහු රැකවරණය ලබාගත් දෙවියන්වහන්සේ ඔහුගේ බලකොටුව සහ මිදුම්කාරයාණෝ වීම ගැන ප්‍රශංසා කළෛ්ය.

දාවිත් සමඟ සසඳන විට අපගේ විපත් කුඩා ලෙස දැනුනත් අප බලාපොරොත්තු වන රැකවරණය සොයා දෙවියන්වහන්සේ වෙතට දිව යන විට උන්වහන්සේ අපව පිළිගන්නා සේක. උන්වහන්සේ නිතරම දෑත් දිගු කර සිටින සේක. එමනිසා අපි “උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමු” (50 පදය).