මගේ දේවගැතිතුමා යේසුස්වහන්සේගේ ජීවිතය ගැන අපහසු ප්‍රශ්නයක් අපේ පන්තියෙන් ඇසූ විට මම ඉක්මනින් අත එසවීමි. මම ඒ කථාව ලඟදී කියවා තිබුණු නිසා මම උත්තරය දැනගෙන සිටියෙමි. මමත් ඒක දන්නවා කියා කාමරයේ සිටි අනෙක් අය දැනගන්න මට උවමනා විය. මක්නිසාද මම බයිබල් ගුරුවරයෙක් වීමි. ඔවුන් ඉදිරියේ අපහසුතාවයට පත්වීම මොනතරම් ලැජ්ජාවක්ද! දැන් මම ලැජ්ජාවට පත් වීමට ඇති බිය ගැන ලැජ්ජා වුනෙමි. එනිසා මම අත පහතට දැමීමි. මම මේ තරම් ආත්ම විශ්වාසයක් නැති කෙනෙක්ද?

යොහන් බව්තිස්ත ඊට වඩා හොඳ මාර්ගයක් පෙන්වා දුන්නේය. මිනිසුන් ඔහු අතහැර යේසුස්වහන්සේ පසුපස යන්නට පටන්ගෙන ඇති බව ඔහුගේ ගෝලයින් පැමිණිළි කළ විට යොහන් කීවේ තමා එය ඇසීමෙන් සතුටු වන බවයි. ඔහු පණිවුඩකරුවෙක් පමණයි. “මම ක්‍රිස්තුස් නොවෙමි. නුමුත් උන්වහන්සේට පළමුවෙන් එවන ලද්දෙමි… උන්වහන්සේ වර්ධනවෙන්ටත් මා අඩුවෙන්ටත් ඕනෑය (යොහන් 3:28-30). තම පැවැත්මේ කාරණය යේසුස්වහන්සේ බව යොහන් තේරුම් ගත්තේය. “ඉහළින් එන්නාවූ තැනැන්වහන්සේ” සහ “සියල්ලන්ට වඩා උතුම්” උන්වහන්සේය (31 පදය) – අප වෙනුවෙන් ජීවිතය පූජා කළ දිව්‍යමය පුත්‍රයාණන්ය. සියළු මහිමය සහ කීර්තිය උන්වහන්සේට ලැබිය යුතුයි.

අපව ඇදගන්නා ඕනෑම අවධානයක් දෙවියන්වහන්සේ වෙත යොමු විය යුතු අවධානය වෙනතකට යවයි. උන්වහන්සේ අපගේ එකම ගැළවුම්කරුවා සහ ලෝකයේ එකම බලාපොරොත්තුව බැවින් අපි උන්වහන්සේගෙන් සොරකම් කරන යම් ගෞරවයක් අවසානයේ අපට වේදනාව ගෙන දෙයි. පින්තූරයෙන් ඉවතට යන්නට අපි තීරණය කරමු – යේසුස්වහන්සේගේ පින්තූරයට බලහත්කාරයෙන් ඇතුල් නොවී සිටිමු. එය උන්වහන්සේටත් ලෝකයටත් අපටත් වඩාත් යහපත ගෙන දෙනවා ඇත.