මේ පාර කාපට් කළා විතරයි. රථවාහන පේළියේ වේගය අඩු කරත්ම මට සිතුණි. දැන් නැවත වරක් පාර හාරනවා! පාරවල් සෑදීම නතර නොවන්නේ මන්ද කියා ඉන්පසු මම කල්පනා කළෙමි. මම කියන්නේ “කාපට් දමන ආයතනය මේ පාරෙ වැඩ අවසාන කර තිබේ. මේ කාපට් කරපු පාරෙ විනෝදෙන් රිය පදවන්න” කියා පවසන සංඥා මම කවදාවත් දැකලා නැහැ.

නමුත් ඒ හා සමාන දෙයක් මගේ ආත්මික ජීවිතයේත් සත්‍ය වශයෙන් සිදුවෙන්නේය. මගේ ඇදහිල්ලේ ගමන මුල් කාලයේ සියල්ල තේරුම්ගෙන පරිණත තත්ත්‍වයකට පත්වන මොහොතක් උදාවෙයි කියා සිතුවෙමි – මම “හොඳට කාපට් කරපු” පාරක් වගේ වෙයි කියා සිතුවෙමි. වසර තිහකට පසුවද මම තවමත් “ඉදිකරමින් පවතින” බව මට පිළිගන්න සිදු වේ. මම වාහන පදවන නිරන්තරයෙන්ම වලවල් වලින් පිරුණු පාරවල් වාගේ මමත් කවදාවත් “වැඩ අවසන්” වෙන්නේ නැති පාරක් මෙනි. සමහර විට එයත් කලකිරීමට පත් විය හැකි කාරණයකි.

නමුත් හෙබ්‍රෙව් 10 අරුම පුදුම පොරොන්දුවක් තිබේ. 14 පදය මෙසේ සඳහන් වේ : “මක්නිසාද උන්වහන්සේ පිරිසිදුකරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණ කළ සේක”. යේසුස්වහන්සේ කුරුසියේ කළ දේ තුළින් දැනටමත් අප ගැළවීම ලබා ඇත. සම්පූර්ණයෙන්ම. පරිපූර්ණ වශයෙන්. දෙවියන්වහන්සේගේ දෑස් ඉදිරියේ අපි සම්පූර්ණ වන්නෙමු. නමුත් පරස්පර විරෝධි ලෙස බලන කල අප තවමත් පොළොව මත සිටින තාක් එම ක්‍රියාවලිය අවසාන වන්නේ නැත. අපි තවමත් උන්වහන්සේගේ සමානකමට හැඩගස්වමින් සිටින්නෙමු. තවමත් ශුද්ධ බවට පත්වෙමින් සිටින්නෙමු.

එක් දිනක අපි උන්වහන්සේව මුහුණට මුහුණ දකින්නට යන්නෙමු. එවිට අපි උන්වහන්සේට සමාන ස්වරූපයෙන් සිටින්නෙමු (1 යොහන් 3:2). නමුත් එදින තෙක් අපි තවමත් “ඉදිකරමින් පවතින” අය ලෙස සිටින්නෙමු. අප තුළ ක්‍රියාවලිය සැබවින්ම සම්පූර්ණ වන ඒ තේජාන්විත දිනය එන තෙක් උද්‍යයෝගෙන් බලා සිටින සෙනගක් වන්නෙමු.