අලංකාර මහා පියානෝව සූසර කරන්නාගේ ශබ්දය මට ඇසුන විට “වෝර්ගෝ ප්‍රසංගය” හි විස්මය ජනක සංගීතය සහ “මහත් බලැත් දෙව් ඔබමැයි” හි අනගි තාලය මෙම පියානෝවෙන්ම නිකුත් වන මතකය මට දැණුනි. නමුත් දැන් එම සංගීත භාණ්ඩයට ඉතා දැඩි ලෙස සූසර කිරීමක් අවශ්‍ය වී තිබේ. සමහර තත් නියම ස්වරය නාද කරත් තවත් සමහර ඒවා ස්වරයට වැඩි හෝ අඩු මට්ටමකින් නාද විය. ඒවායින් ඉතාම අමිහිරි නාදයක් නිකුත් විය. පියානෝව සූසර කරන්නාගේ වගකීම වූයේ හැම තතකින්ම එකම ස්වරය නිකුත් කිරීම නොව එක් එක් තත් වලට ආවේනික ස්වරය එක් එක් ස්වර සමඟ එකතු වී ප්‍රසන්න සුමිහිරි සංගීතයක් නිකුත් වන ලෙසට සූසර කිරීමයි.

සභාව තුළත් අපට අසමගියේ ස්වර නාද අවබෝධ වෙති. අද්විතීය අභිලාෂයන් හෝ තලෙන්ත ඇති අය එකට එක්වූ විට දෙදරුම්කන අමිහිරි බවක් ඇති කිරීමට හැකිය. ගලාති 5 පාවුල් තුමා ඇදහිලිවතුන්ගෙන් බැගෑපත් ලෙස ඉල්ලන්නේ දෙවියන්වහන්සේත් සමඟ සහභාගිකම සහ අන් අය සමඟ ඇති සම්බන්ධතාවන් විනාශ කරන “විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, පක්‍ෂවාදිකම්” වලින් ඉවත්වන ලෙසටය. ශුද්ධාත්ම ඵල වැළඳ ගන්නා ලෙසට පාවුල් තව දුරටත් අපව දිරිමත් කරයි – “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම” (ගලාති 5: 20 සහ 22-23).

අප ආත්මයාණන් තුළින් ජීවත් වන විට අත්‍යවශ්‍ය නොවන දේ පිළිබඳ අනවශ්‍ය ගැටුම් මගහැරීම වඩාත් පහසු වෙයි. අපගේ වෙනස්කම් වලට වඩා අපගේ අරමුණු බෙදාගෙන කටයුතු කිරීම වඩාත් බලවත් වන්නේය. අපගේ හදවත් දෙවියන්වහන්සේ සමඟ එකට ගැහෙන විට උන්වහන්සේගේ උපකාර ඇතිව අප හැමකෙනෙකුටම අනුග්‍රහයෙන් සහ එකමුතුකමෙන් වර්ධනය විය හැකිය.