ජංගම දුරකථන සේවයක් හෝ මංපෙත් සිතියමක් හෝ නොමැතිව, අපට මඟපෙන්වන්නට තිබුනේ, මංසන්ධියේ සවිකර තිබූ සිතියමක මතකයක් පමණි. පැයකට වැඩි කාලයක් ගතවූ පසු, අපි වනයෙන් පිටතට ඇවිත් රථ ගාලට ලඟා වූයෙමු. සැතපුම් භාගයක ගමනක් අවසන් කරන හැරවීම් ලක්‍ෂය මඟහැරුනු නිසා අපට සිතුවාට වඩා දුරක් ඇවිදින්නට සිදුවිය.

ජීවිතයත් එසේ විය හැකියි: යම් දෙයක් නිවැරදි ද වැරදි ද කියා අසන්නට පමණක් නොව එහි අවසානය ගැනත් අපි සොයා බැලිය යුතුයි. ගීතාවලිය 1 ජීවත්වන්නට මාර්ග දෙකක් පෙන්වා දෙයි – ධර්මිෂ්ඨයාගේ ජීවිතය (දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්) සහ දුෂ්ටයාගේ ජීවිතය (දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ගේ සතුරන්). ධර්මිෂ්ඨයා ගසක් මෙන් ඵල දරන නමුත්, දුෂ්ටයා සුළඟින් විසිර යන බොල් හා සමානය (3-4පද). මෙම ගීතාවලියෙන් සමෘධිමත්වීම කුමනාකාරද යන්න පැහැදිලි කරයි. ඒ අනුව ජීවත්වන තැනැත්තා, අලුත් කිරීම සහ ජීවනය ලබාගැනීම සඳහා දෙවියන්වහන්සේ මත යැපෙන්නේය.

ඉතින් අපි එවැන්නෙකු බවට පත්වන්නේ කෙසේද? වෙනත් දේ අතර, විනාශකාරි සබඳතා සහ සෞඛ්‍යසම්පන්න නොවන පුරුදු වලින් බැහැරවී, දෙවියන්වහන්සේගේ උපදෙස් තුළ ප්‍රීතිවන්න කියා ගීතාවලිය 1 අපව උනන්දු කරවයි (2 පදය). අවසානයේදී අප සමෘධිමත්වීමට හේතුව වන්නේ දෙවියන්වහන්සේ අපට දක්වන සැළකිල්ලයි:
“මක්නිසාද ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය දන්නාසේක” (6පදය).

ඔබේ මාර්ග දෙවියන්වහන්සේට කැප කරන්න. නිසි මාර්ගයක් නොමැති පැරණි පුරුදුවලින් ඉවත්කරන්නට උන්වහන්සේට ඉඩ හරින අතර, දේව වචනයට ඔබේ හදවතේ මූලපද්ධතිය පෝෂණය කරන ගංඟාව වන්නට ඉඩ හරින්න.