ඔබට චිත්‍රපටියක යේසුස්වහන්සේගේ භූමිකාව රඟපාන්නට තිබුණා නම්, ඔබ එයට සූදානම් වන්නේ කෙසේද? මතෙව් නමින් වූ දෘශ්‍ය බයිබල් චිත්‍රපටියේ යේසුස්ගේ චරිතය රඟපෑ බෘස් මාශියානෝ මුහුණ දුන්නේ එවැනි අභියෝගයකටයි. මිලියන ගණන් නරඹන්නන් ඔහුගේ රඟපෑම මත යේසුස්වහන්සේ පිළිබඳ නිගමනයකට එළඹෙන බව දැනගෙන, ක්‍රිස්තුස්වහන්සේව “නිවැරදිව” රඟපෑමේ වැදගත්කම ඔහුට බරක් වූයේය. ඔහු දණින් වැටී, යේසුස්වහන්සේ තමන්ට දෙන ලෙසට යේසුස්වහන්සේට කන්නලව් කළේය.

හෙබ්‍රෙව් 1වෙනි පරිච්ඡේදයෙන් බෘස්ට තීක්‍ෂණ බුද්ධිය ලැබුනේය. “ප්‍රීතිය නමැති තෛලයෙන්” දෙවි පියාණන්වහන්සේ පූත්‍රයාණන්වහන්සේව ආලේපකර වෙන්කර තබා ඇති ආකාරය එහි සටහන් වී ඇත (1:9). මේ ආකාර ප්‍රීතිය සැමරීමේ ප්‍රීතියකි – පියාණන්වහන්සේට සම්බන්ධවීමේ ප්‍රීතිය මුළු හදවතින්ම ප්‍රකාශ කිරීමකි. මුළු ජීවිත කාලය පුරාවටම එවැනි ප්‍රීතියක් යේසුස්වහන්සේගේ හදවත පාලනය කළේය. හෙබ්‍රෙව් 12:2 සඳහන් ආකාරයට, “තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.”

දේව වචනයෙන් ලැබූ අනුබලය ඇතුව, බෘස්ට තම ගැළවුම්කාරයා පිළිබඳ අතිවිශිෂ්ඨ, ප්‍රීතියෙන් පූර්ණවූ නිරූපණයක් ඉදිරිපත් කිරීමට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස, “සිනාසෙන යේසුස්” ලෙස ඔහුව හඳුන්වනු ලැබුවා. අපටත් එලෙසම දණින් වැටී “යේසුස්ගෙන් යේසුස්ව ඉල්ලා” කන්නලව් කරන්නට හැකිවනු ඇත. අප තුළින් උන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශනය වීම අවට සිටින අයට පෙනෙන පිණිස, උන්වහන්සේගේ චරිතයෙන් අපව පූර්ණ කරන සේක්වා.