එක්සක් රාජධානිය පුරාවට පිහි අපරාධ වැඩිවෙත්ම, බ්‍රිතාන්‍ය යකඩ වැඩ මධ්‍යස්ථානය (British Ironwork Center) අදහසක් ක්‍රියාත්මක කළේය. ප්‍රාදේශීය පොලිස් කණ්ඩායම් සමඟ එකතුවී, තැන්පත් පෙට්ටි 200ක් සකසා රට පුරා ස්ථාන ගත කර, පොදූ සමා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේය. පිහි එක් ලක්‍ෂයක් නිර්නාමිකව භාර වී තිබුණි. සමහරක් ඒවායේ ලේ තැවරුනු පැල්ලම් ද තිබුණි. පසුව මෙම පිහි කලාකරු ඇල්ෆි බ්‍රැඩ්ලීට නැව්ගතකර යවනු ලැබ, ඔහු ඒවා මොට්ට කර, පිහි අපරාධ හේතුවෙන් ජීවිත අහිමිවූ තරුණයින්ගේ නම් සමහර පිහිවල කොටා, සමහරක හිටපු වරදකරුවන්ගෙන් කණගාටුව ප්‍රකාශවන පණිවුඩද කොටා තිබුණේය. ඒ පිහි ලක්‍ෂයම එකට පාස්සා පිහි දේවදූතයෙක් – අඩි 27ක් උස දිලිසෙන වානේ පියාපත් සහිත දේවදූත මූර්තියක් සාදන ලදී.

මම ඒ පිහි දේවදූතයා ඉදිරියේ සිටගත් විට, මෙම මූර්තිය හේතු කොටගෙන තුවාල කී දාහක් වළක්වා ඇත්ද කියා මට දැනුණේය. එමෙන්ම යෙසායා දුටු අලුත් අහසක්ද අලුත් පොළොවක්ද ගැනද මා සිතුවෙමි (යෙසායා 65:17). තරුණ දරුවන් මිය නොයන ස්ථානයක් (20 පදය), අපරාධ බෝවන දරිද්‍රතාවය නොවැඩෙන ස්ථානයක් (22-23පද), සියළු කඩු නැවත හැඩගන්වා වඩාත් නිර්මාණාත්මක අරමුණු දී ඇති නිසා, පිහි අපරාධ නොමැති ස්ථානයක් (2:4).

ඒ අලුත් ලෝකය තවමත් පැමිණ නැත. නමුත් එය පැමිණෙන තෙක් අප යාච්ඤා කරමින් සේවය කළ යුතුයි (මතෙව් 6:10). තමන්ගේම ආකාරයෙන්, පිහි දේවදූතයා දෙවියන්වහන්සේ පොරොන්දුවූ අනාගතය පිළිබඳ අපට පෙරදැක්මක් පෙන්වන්නේය. කඩු, නගුල් කොටස් බවට පත්වේ. ආයුධ, කලාකෘති බවට පත්වේ. ඒ අනාගතය තව ස්වල්පයක් දැකගැනීමට අපට මවාපෑමට හැකි වන මිදීමේ ව්‍යාපෘති මොනවාද?