“ආලෝකය රක්‍ෂාකරන්නන්” ලෙස ඔවුන් හඳුන්වනු ලැබේ.

එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා වෙරළ තීරයෙන් ඔබ්බට හැටෙරාස් දූපතේ තුඩුවේ ඉදිකර ඇති ප්‍රදීපාගාරයේ, 1803 සිට එහි සේවය කළ භාරකරුවන් වෙනුවෙන් අනුස්මරණයක් ඇත. වෙරළ ඛාදනය හේතුවෙන් එම ප්‍රදීපාගාරය නගරය ඇතුලට වෙන්න ඉදිකර කෙටි කාලයකින් පසු, එම භාරකරුවන්ගේ නම් පැරණි අත්තිවාරම් ගල් වල කොටා, අර්ධ කවාකාර රඟමඬලක හැඩයෙන්, නව ප්‍රදීපාගාරයට මුහුණලා සකසා තිබුනේය. ඒ අනුව – එහි ඇති සටහන් පුවරුවක සඳහන් කර ඇති ආකාරයට – වර්තමාන අමුත්තන්ට ඉතිහාසයේ භාරකරුවන්ගේ අඩිපාරේ ගමන් කළ හැකි වන අතර ප්‍රදීපාගාරය “රක්‍ෂාකරන්න” ද හැකි වනු ඇත.

යේසුස්වහන්සේ පරම ආලෝකය සපයන්නා වන්නේය. “මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේය” යි (යොහන් 8:12) උන්වහන්සේ කී සේක. ඕනෑම කෙනෙකුට හිමිකම් කීමට එය විප්ලවකාරී දෙයකි. නමුත් යේසුස්වහන්සේ එසේ කීවේ, උන්වහන්සේව එවනු ලැබූ, ආලෝකය සහ ජීවනයේ මැවුම්කරු වන, උන්වහන්සේගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවය තහවුරු කරන පිණිසය.

අප ගැළවීම උදෙසා යේසුස්වහන්සේ දෙස බලමින් උන්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කරන විට, දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය නැවත පිහිටුවනු ලැබ, නව බලය සහ අරමුණක් උන්වහන්සේ අපට දෙන සේක. උන්වහන්සේගේ පරිවර්තිත ජීවනය සහ ප්‍රේමය – “මනුෂ්‍යයන්ගේ ආලෝකය” (යොහන් 1:4) – අප තුළ සහ අප තුළින් බබළමින්, අඳුරු සහ සමහර විට භයානක ලෝකයකට ගලා යන්නට හැකි වනු ඇත.

යේසුස්වහන්සේ අදහන්නන් ලෙස, අපි “ආලෝකය රක්‍ෂාකරන්නන්” වන්නෙමු. උන්වහන්සේගේ ආලෝකය අප තුළින් බබළනවා දැක, උන්වහන්සේට පමණක් ලබා දිය හැකි ජීවනය සහ බලාපොරොත්තුව අන් අයට අවබෝධ වේවා!