අනුස්මරණ දිනයේදී, 2වන ලෝක යුද්ධයේ හමුදාවේ සේවය කළ හමුදා ප්‍රවීණයන්, විශේෂයෙන් මගේ පියා සහ මාමලා සිහිවෙන්නේය. ඔවුන් නැවත නිවෙසට ආවත් රට වෙනුවෙන් සටන් කිරීමේදී දහස් ගණන් පවුල් වලට ඔවුන්ගේ ප්‍රේමණීයන් ඛේදජනක ලෙස අහිමි වුනේය. එහෙත් මගේ පියාගෙන් හෝ එම වකවානුවේ වෙනත් ඕනෑම සොල්දාදුවෙක් ගෙන් ප්‍රශ්න කළ විට ඔවුන් කියන්නේ තම ප්‍රේමණීයයන් ආරක්‍ෂා කරගැනීමට තම ජීවිතය පූජා කරන්නටත් ඔවුන් නිවැරදී යයි විශ්වාස කළ දේ වෙනුවෙන් පෙනී සිටින්නටත් සූදානම්ව සිටි බවයි.

තම රට ආරක්‍ෂා කිරීම සඳහා යමෙක් මිය ගිය විට, “යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා ප්‍රේමයක් කිසිවෙකුට නැත” (යොහන් 15:13) – යන වචන ඔවුන්ගේ පූජාවීමට ගරු කිරීමක් වශයෙන් අවමංගල්‍ය මෙහෙය අතරතුර කියවනු ලැඛේ. නමුත් මෙම පදය පිටුපස තිබූ තත්ත්‍වය කුමක්ද?

යේසුස්වහන්සේ, අන්තිම රාත්‍රි භෝජනයේදී තම ගෝලයින්ට මෙම වචන පැවසු අවස්ථාවේදී, උන්වහන්සේ මැරෙන්නට සූදානම්ව සිටි සේක. එමෙන්ම, යුදස් නමින් උන්වහන්සේගේ කුඩා ගෝළ කණ්ඩායමෙන් එක්කෙනෙක් ඒ වනවිටත් උන්වහන්සේ පාවා දෙන පිණිස එතැනින් පිටත්ව ගොස් තිබුණේය (13:18-30). එහෙත් ක්‍රිස්තුස්වහන්සේ මේ සියල්ල දැන සිටි නමුත් උන්වහන්සේගේ මිතුරන් මෙන්ම සතුරන් වෙනුවෙන්ද තම ජීවිතය පූජා කරන්නට උන්වහන්සේ තෝරාගත් සේක.

යම් දිනක උන්වහන්සේව විශ්වාස කරන්නට සිටි අය වෙනුවෙන්, ඒ වන විටත් උන්වහන්සේගේ සතුරන්ව සිටි අය ඇතුලුව, මැරෙන්නට යේසුස්වහන්සේ කැමැත්තෙන් සහ සූදානම්ව සිටි සේක (රෝම 5:10). ඒ වෙනුවට උන්වහන්සේ ගෝළයින්ගෙන් ඉල්ලන්නට යෙදුනේ (එදා සහ මෙදා) උන්වහන්සේ ඔවුන්ට ප්‍රේමකරන්නාක් මෙන් “එකිනෙකාට ප්‍රේම කරන්න”(යොහන් 15:12) කියා ය. උන්වහන්සේගේ ඉමහත් ප්‍රේමය, මිතුරා සහ සතුරාට එක ලෙසටම පරිත්‍යාගශීලි ලෙස ප්‍රේම කරන්නට අපට බල කරන්නේය.