ඔහුගේ මාතෘකාව වූයේ වාර්ගික ආතතිය යි. එහෙත් කථිකයා සන්සුන්ව සිටියේය. විශාල ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් ඉදිරියේ වේදිකාව මත සිටගෙන, ඔහු නිර්භීතව එහෙත් ප්‍රසන්නව, නිහතමානීව, කරුණාවන්තව සහ හාස්‍යය ද ඇතිව කථා කළේය. තැතිගැන්වී සිට ප්‍රේක්‍ෂකයින් ඉක්මනින්ම සැහැල්ලු වෙමින් ඔවුන් සියළු දෙනා මැදි වී සිටි තත්ත්‍වය පිළිබඳ කථිකයා සමඟ එකතුව සිනාසුණෝය: ඔවුන්ගේ හැඟීම් සහ වචන සන්සුන් කරමින් ඔවුන්ගේ උණුසුම් ප්‍රශ්නය විසඳන ආකාරය. ඔව්, අප්‍රසන්න මාතෘකාවක් මිහිරි කරුණාවෙන් යුක්තව විසඳන ආකාරය.

සාලමොන් රජතුමා අප සැමටත් යෝජනා කළේ මෙම ප්‍රවේශයයි : “ප්‍රිය වචන මීවදයක් මෙන් ආත්මයට මිහිරිය, ඇටවලට සැපදායකය” (හිතෝපදේශ 16: 24). මේ ආකාරයෙන් “ඥානවන්තයාගේ සිත ….. ඔහුගේ තොල්වලට ඉගෙනගැන්ම එකතුකරයි” (23 පදය).

සාලමොන් මෙන් ඉතා බලවත් රජකෙනෙක්, අප කථා කළ යුත්තේ කෙසේද යන්න ඇමතීමට කාලය කැප කරන්නේ කුමණ හේතුවකටද? මන්ද වචන වලින් විනාශ කිරීමට හැකි නිසාය. සාලමොන්ගේ කාලය තුළදී, රජවරු තමන්ගේ දේශය පිළිබඳ තොරතුරු ලබාගැනීමට පණිවිඩකරුවන් මත රඳා සිටි අතර සන්සුන් හා විශ්වාසනීය පණිවිඩකරුවන් ඉතා අගේ කොට සළකන ලදී. ඔවුන් සිහි කල්පනාවෙන් සහ තර්කානුකූල වචන වලින් කථාකරමින්, කාරණාව කුමක් වූවත් ඹ්නෑවට වඩා කථාකලේද රළු වචන වලින් කථාකලේද නැත.

අපගේ අදහස් සහ සිතුවිලි මිහිරි බවින් යුක්තව, දේවභක්තිකව ඉදිරිපත් කිරීම අපට ප්‍රයෝජනවත් විය හැක. සාලමොන්ගේ වචන වලින් “සිත පිළියෙලකිරීම මනුෂ්‍යයාට අයිතිය. එහෙත් දිවේ උත්තරය පැමිණෙන්නේ ස්වාමින්වහන්සේගෙන්ය.” (16:1).