The Book of Odds  නමින් ඇති අමුතු දේ සිදුවීමේ ප්‍රවණතාව සටහන් වී ඇති පොතේ මිනිසුන් මිලියනයකින් එක්කෙනෙකුට අකුණු සැර වැදෙන බව සඳහන්ව ඇත. අධික කම්පනයක් හෝ අහිමිවීමක් හමුවේ මිනිසුන් 25000න් එක්කෙනෙකුට “බිඳුණු හෘද සින්ඩ්‍රෝමය” නමැති වෛද්‍ය තත්ත්‍වයකට මුහුණ දෙන බව එහි සඳහන්ව ඇත. එම පොතේ සෑම පිටුවක් පාසාම නිශ්චිත ගැටළු වලට මුහුණ දීමේ ප්‍රවණතාව පිළිතුරක් නැතිව ගොඩගැසේ: අපි ඒ කෙනා නම් කුමක් වෙයිද?

යෝබ් සියළු ප්‍රවණතාවන් පරාජය කළේය. දෙවියන්වහන්සේ ඔහු ගැන මෙසේ කීයන සේක, “ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැත” (යෝබ් 1:8). එහෙත් සෑම ප්‍රවණතාවක්ම පරාජය කළ පාඩු මාලාවක්ම විඳින පිණිස යෝබ්ව තෝරාගනු ලැබුවේය. පොළොවේ සියළු මනුෂ්‍යයින් අතරින්, පිළිතුරක් ඉල්ලා කන්නලව් කරන්නට යෝබ්ට හේතුවක් තිබුණි. “ඇයි මම?” යන්න තේරුම් ගැනීමට ඔහු දැරූ දැඩි උත්සාහය සහ සටන පිළිබඳව අපට කියවන පිණිස සෑම පරිච්ඡේදයක් පාසා සඳහන් වී ඇත.

පැහැදිලි කළ නොහැකි වේදනාව සහ නපුරේ අභිරහසට ප්‍රතිචාර දක්වන්නට යෝබ්ගේ කථාව අපට මඟක් කියාදෙන්නේය. යහපත්කමත් කරුණාවත් පිළිබඳ දෙවියන්වහන්සේගේ හොඳම උදාහරණයේ දුක්විඳීම සහ ව්‍යාකූලත්‍වය විස්තර කරමින් (25 පරිච්ඡේදය) වැපිරීම සහ අස්වැන්න නෙළාගැනීමේ නම්‍යශීලී නොවන නීතියට විකල්පයක් අපට ලැබේ (4:7-8). අපගේ පාප දරාගන්නට තම පුත්‍රයාට අවසර දුන් දෙවියන්වහන්සේගෙන්, සාතන්ගේ ප්‍රචණ්ඩත්‍වය පිළිබඳ පසුබිමක් (1 පරිච්ඡේදය) සහ පසු වචනයක් (42:7-17) සපයමින්, පෙනෙන දෙයට වඩා ඇදහිල්ලෙන් ජීවත්වන්නට යෝබ්ගේ කථාන්දරය අපට හේතුවක් වන්නේය.