ගඝණගාමීන්, ඊගල් නම් යානය, ට්‍රැන්ක්විලිටි මුහුදේ ගොඩබැස්වූ පසු, “මේක මනුෂ්‍යයෙකුට එක් කුඩා පියවරක්, නමුත් මනුෂ්‍යවර්ගයාට එක් විශාල පිම්මක්” කියා නීල් ආම්ස්ට්‍රෝං විසින් කියන ලදී. සඳ මතුපිට ඇවිද්ද පළමු මනුෂ්‍යයා ඔහු විය. පසුව, අවසාන ඇපොලෝ මෙහෙවරේ අණදෙන නිලධාරි ජීනි සර්නන් ඇතුළුව, අභ්‍යවකාශය තරණය කළ වෙනත් අයද සිටියේය. “මම එතැන සිටියෙමි, ඔබ එතැන සිටියා, පෘථිවිය – උද්යෝගී, ඉතා ප්‍රබල…. මෙය අහම්බෙන් සිදුවෙන්නට තරම් අලංකාර වැඩියි කියා මට දැනුනා,” සර්නන් කීවේය, “ඔබට වඩා මට වඩා විශාල කවුරුන් හෝ සිටිය යුතුයි” ගැඹුරු අභ්‍යවකාශයේ සිට දැක්කාවූ අද්විතීය දර්ශනය විශ්වයේ විශාලත්වය සමඟ සසඳන විට ඔවුන් කෙතරම් කුඩාද කියා මොවුහු තේරුම් ගත්තෝය.

පෘථිවියේ සහ ඉන් ඔබ්බට මැවුම්කරු සහ උසුලන්නා වන දෙවියන්වහන්සේගේ අති මහත් බව යෙරෙමියා අනාගතවක්තෘතුමා ද සළකා බැලුවේය. සියල්ල සෑදූ තැනැත්තා, උන්වහන්සේගේ සෙනඟට ප්‍රේමය, පව්කමාව සහ බලාපොරොත්තුව ප්‍රධානය කරමින් තමන්ව ඉතා සමීපව හෙළිකරන්නට පොරොන්දු වුන සේක (යෙරෙමියා 31:33-34). යෙරෙමියා දෙවියන්වහන්සේගේ විශාලත්‍වය සහතික කරමින් “දවාලෙහි එළියක් පිණිස ඉරද, රාත්‍රියෙහි එළියක් පිණිස සඳ සහ තාරකාවල නියෝගද දෙන්නාවූ” (35පදය) තැනැත්තා ලෙස හඳුන්වන්නේය. අපගේ මැවුම්කරු සහ සර්වබලධාරී ස්වාමින්වහන්සේ, උන්වහන්සේගේ සෙනඟ සියළු දෙනාම ගළවාගැනීම සඳහා ක්‍රියාකරමින් සියල්ලටම ඉහළින් රජකරන සේක (36-37පද).

පෘථිවියේ අත්තිවාරමේ ගැඹුරද, අහසෙහි මැනිය නොහැකි තරම් විශාලත්‍වයද ගවේෂණය කර අවසන් කරන්නට අපට කිසිදා හැකිවන්නේ නැත. නමුත්, සඳ සහ අන් සියල්ල සෑදූ තැනැන්වහන්සේ විශ්වාසකරමින් අපට විශ්වයේ සංකීර්ණත්‍වය පිළිබඳ ගරුබියෙන් සිටිය හැකිය.