මෑතක නිකුත්වූ චිත්‍රපටයක, ස්වයං ප්‍රකාශිත “අති දක්‍ෂයෙක්”, ලෝකයේ “භීෂණය, දූෂණය, නොදැනුවත්කම සහ දුප්පත්කම” ගැන කැමරාව ඉදිරියේ පුරසාරම් දොඩවමින්, ජීවිතය දෙවියන් රහිත සහ විකාරයක් බව ප්‍රකාශ කළේය. නූතන චිත්‍රපට පිටපත්වල මෙවැනි අදහස් අසාමාන්‍ය නොවන අතර, සිත්ගන්නා කරුණ නම් එය මඟපෙන්වන ස්ථානයයි. අවසානයේදී, එහි ප්‍රධාන චරිතය දරන්නා නරඹන්නන් දෙස හැරී, කුඩා පරිමාණයේ හෝ සතුටක් සොයාගන්නා පිණිස හැකි දේ කරන්න යයි ප්‍රේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටියේය. ඔහු සම්ප්‍රදායික සදාචාරය පසෙක තැබීම මෙයට ඇතුලත් වන්නේය.

එහෙත් “හැකි දේ කරන්න” සාර්ථක වන්නේ ද? ජීවිතයේ භීෂණය ගැන ඔහුගේ කළකිරීම් ඉදිරියේ, දේශනාකාරයා පොත ලියූ පැරණි ගිවිසුමේ ලේඛකයා ඈත අතීතයේ විනෝදය (දේශනාකාරයා 2:1,10), විශිෂ්ඨ වැඩ ව්‍යාපෘති (4-6 පද), ධනය (7-9 පද) සහ දාර්ශනික විමසුම් (12-16 පද) තුළින් ප්‍රීතිය සොයන්නට උත්සාහයක් දැරුවේය. ඒ පිළිබඳ ඔහුගේ තක්සේරුව? “සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්” (17පදය)ව පවතින බවයි. මේ කිසිවක් මරණය, ව්‍යසනය හෝ අයුක්තියෙන් නිදහස් නොවන්නේය (5:13-17).

දේශනාකාරයා පොත ලියූ තැනැත්තා කළකිරීමෙන් පිටතට ගෙනෙන්නේ එක් දෙයක් පමණි. ජීවිතයේ අභියෝග තිබුණත්, දෙවියන්වහන්සේ අපගේ ජීවත්වීම සහ වැඩකිරීමේ කොටස්කරුවෙක් වූ විට අපට සම්පූර්ණත්‍වයත් ලබාගත හැක: “ මක්නිසාද, උන්වහන්සේගෙන් වෙන්ව අනුභවකරන්ටත් සැප භුක්තිවිඳින්ටත් කාට පුළුවන්ද?” (දේශනාකාරයා 2:25) කියා අසයි. සමහර අවස්ථාවල ජීවිතය තේරුමක් නැති බවක් දැනෙන්නට හැකි නමුත් “නුඹේ මැවුම්කාරයා සිහිකරපන්න” (12:1). ජීවිතය තේරුම්ගැනීමට ඔබ නිකරුනේ වෙහෙසට පත් නොවන්න, එහෙත් “දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වාපන්න” (12:13) කියා ඔහු කියන්නේය.

දෙවියන්වහන්සේ අපගේ කේන්ද්‍රස්ථානය නොකොට, ජීවිතයේ විනෝදය සහ වේදනාවන් අවසන් වන්නේ කළකිරීමෙන් ය.