මගේ පියාත් මමත් ගස් කපා ඒවා දෙදෙනෙක් විසින් ක්‍රියාකරන හරස් කපන කියතකින් නියමිත ප්‍රමාණවලට කපා වෙන්කර ගත්තෙමු. ශක්තිජනක තරුණයෙක් වශයෙන් මම කියත බලහත්කාරයෙන් කැපුමට යොමුකරන්නට උත්සාහ කළෙමි. “ප්‍රවේශමෙන් කරන්න” මගේ පියා කියන්නේය. “කියතට වැඬේ කරන්න දෙන්න.”

පාවුල් පිලිප්පිවරුන්ට ලියූ වචන මට මතක් වෙන්නේය : “නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය”(2:13). ප්‍රවේශමෙන් වැඩකරන්න. අපව වෙනස් කිරීමේ කාර්යය උන්වහන්සේට කරන්නට ඉඩ හරින්න.

වර්ධනය වීම යනු ක්‍රිස්තුස්වහන්සේ කියූ දේ කියවා ඒවා ක්‍රියාත්මක කරනවාට වඩා වැඩි දෙයක් කියා සී. එස්. ලුවිස් කියා තිබේ. “සැබෑ කෙනෙක්, ක්‍රිස්තුස්වහන්සේ,…. ඔබට යම් දේ කරමින් සිටිනවා…., ක්‍රමයෙන් ඔබව ස්ථිරවම…., පුංචි ක්‍රිස්තුස් කෙනෙක්, උන්වහන්සේගේ බලය, ප්‍රීතිය, දැනුම සහ සදාකාලය බෙදාගන්නා කෙනෙක්”, ඔහු තේරුම් කළේය.

දෙවියන්වහන්සේ අද එම ක්‍රියාවලියේ යෙදී සිටින සේක. යේසුස්වහන්සේගේ පාමුල හිඳගෙන උන්වහන්සේ කියන දෙය හොඳින් සිතට ගන්න. යාච්ඤා කරන්න. ඔබ උන්වහන්සේගේ කියා මුළු දවස පුරාම මතක්කර ගනිමින්, “දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙහි පැවත” (යූද් 1:21) උන්වහන්සේ ඔබව ක්‍රමයෙන් වෙනස් කරමින් පවතින්නේය යන සහතිකයේ විවේක ගන්න.

“නමුත් අපි ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ නොවිය යුතුද?” ඔබ අසන්නේය. උස් ස්ථානයක තබා ඇති තෑග්ගක් ගන්නා පිණිස, ඇස් ආශාවෙන් දිළිසෙමින්, උත්සාහ දරණ කුඩා දරුවෙක් පිළිබඳ සිතේ රූපයක් ඇඳගන්න. ඔහුගේ පියා ඒ ආශාව දැක තෑග්ග පහතට ගෙන ඔහුට දෙන්නේය.

කාර්යය දෙවියන්වහන්සේගේ ය; ප්‍රීතිය අපගේ ය. ප්‍රවේශමෙන් වැඩකරන්න. අපි කවදා හෝ ඒ තැනට එන්නෙමු.