සැකී මාමා යනු විද්වතෙක් වූ කෙනත් බේලිට මිතුරෙකුට වඩා ළංව සිටි කෙනෙකි. විශාල සහරා කාන්තාරයේ අභියෝගාත්මක ගමන් වලදී ඔහු බේලිගේ විශ්වාසවන්ත මග පෙන්වන්නා විය. සැකී මාමා අනුගමණය කළ බේලි පවසන්නේ ඔහු සහ ඔහුගේ කණ්ඩායම සැකී මාමා කෙරෙහි පූර්ණ විශ්වාසය තැබූ බවයි. කෙටියෙන් කියන්නේ නම් ඔවුන් කීවේ: “අපි යන පාර නොදනිමු. ඔබ අපව අතරමං කළහොත් අපි සියලු දෙනා මිය යන්නෙමු. අපි ඔබ මත සම්පූර්ණ විශ්වාසය තබන්නෙමු” යනුවෙනි.

විශාල වෙනසක් සහ සිත් තැවුළක් තිබුණු අවස්ථාවක දාවිත් මිනිස් මග පෙන්වන්නන්ට එහා බැලුවේය. ඔහු සේවය කරන දෙවියන්වහන්සේගේ උපකාරය ඔහු සෙවීය. ගීතාවලියි 61:2 හි අප කියවන්නේ “මාගේ සිත ක්ලාන්තවන කල පොළොවේ කෙළවර සිට ඔබට හඬ ගසන්නෙමි. මා විසින්ම නැංග නොහැකි පර්වතයට මා ගෙනගිය මැනව” කියාය. දෙවියන්වහන්සේගේ අභිමුඛයට නැවුම්ව අප යන කල ලැබෙන ආරක්‍ෂාවට සහ නිදහසට ඔහු ආශා කළේය (3-4 පද).

ජීවිතයේ දෙවියන්වහන්සේ දෙන මග පෙන්වීම සෙනගට දැඩිව අවශ්‍ය වේ. බයිබලය ඔවුන්ව හඳුන්වන්නේ මංමුළාව ගිය බැටළුවන් ලෙසය (යෙසායා 53:6). බිඳුණු ලෝකය නැමැති කාන්තාරයේ තනිව සිටියහොත් අප බලාපොරොත්තු රහිතව විනාශ වනු ඇත.

නමුත් අප තනිව නැත! අපව නිසල දිය අසළින් ගෙන යන එඬේරෙකු අපට සිටියි. උන්වහන්සේ අපගේ ආත්ම නැවුම් කර අපට මග පෙන්වන සේක (ගීතාවලිය 23:2-3).

අද උන්වහන්සේගේ මග පෙන්වීම ඔබට අවශ්‍ය වන්නේ කුමණ ස්ථානවලදීද? උන්වහන්සේට හඬ ගසන්න. උන්වහන්සේ කිසිදා ඔබව අත්හරින්නේ නැත.