අපගේ මිතුරන් කණ්ඩායම ලස්සන වැවක ඉවුරෙහි සති අන්තයක් ගත කිරීම පිණිස එකතු වුණෙමු. දින ගත වූයේ ජල ක්‍රීඩා කරමින් සහ ආහාර ගනිමිනි. නමුත් සවස් කාලයේ පිළිසඳරයන් බොහෝ සිත් ගන්නා ලදී. අඳුර වැටෙද්දී අපගේ සිත් එකිනෙකාට ගැඹුරින් විවෘත විය. කැඩෙමින් තිබුණු විවාහයන් ගැනද අපගේ දරුවන් යන්නාවූ කම්පන තත්ත්වයන් ගැනද අපි කථා කලෙමු. අපගේ යතාර්ථයන්ගේ කැඩී බිඳීයාම් නොසඟවා දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ විශ්වාසවන්තකම වෙතට ඒවා යොමු කළෙමු. ඒ සන්ධ්‍යාවන් මාගේ ජීවිතයේ වඩාත් ශුද්ධ දිනයන් වූයේය.

කූඩාරම් මංගල්‍යය පිණිස එකතුවන්න යයි දෙවියන්වහන්සේ සෙනගට කී දවස් වලට ඒ දවස් කිහිපය සමාන යයි මට සිතේ. අනිත් බොහෝ මංගල්‍යයන් මෙන් මේ මංගල්‍යයට ඉශ්‍රායෙල්වරුන්ට යෙරුසලමට පැමිණීමට සිදු විය. ඔවුන් පැමිණී පසු මංගල්‍යය පැවැත්වෙන කාලය වන සතියක් පමණ නමස්කාරය පිණිස එකතු වී එදිනෙදා සාමාන්‍ය වැඩ කටයුතුවලින් වැළකී සිටින්න යයි ඉශ්‍රායෙල්වරුන්ට අණ ලැබුණි (ලෙවී කථාව 23:35). මිසරයෙන් පැමිණි පසු වනාන්තරයේදී දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට සැපයූ ආකාරය කූඩාරම් මංගල්‍යයෙන් සැමරුණි (42-43 පද).

සමූහයක් සහ තනි පුද්ගලයන් ලෙස ඔවුන් විඳි දුක් මධ්‍යයෙහි දෙවියන්වහන්සේගේ සෙනගට උන්වහන්සේ දැක්වූ යහපත්කම මෙම මංගල්‍යයෙන් ප්‍රකාශ විය. එසේම දෙවියන්වහන්සේගේ සෙනග ලෙස ඔවුන්ට තිබූ අනන්‍යතාවය ඉන් ස්ථීර විය. දෙවියන්වහන්සේගේ සැපයීම සහ අභිමුඛය මතක් කිරීම පිණිස අප එකතු වන විට අපගේ ඇදහිල්ල ශක්තිමත් වේ.