ඇල්ඩි නමැති යෞවනයෙක් ඉන්දුනිසියාවේ සුලාවේසි දුපතේ සිට කිලෝමීටර් 125 ක් (සැතපුම් 78 ක් පමණ) එහායින් මසුන් අල්ලන කූඩාරමක තනියෙන් සිටියේය. කූඩාරම කුණාටුවකට හසුවී මුහුදට ගසා ගෙන ගියේය. දින හතලිස් නවයක් ඔහු කූඩාරම සමග මුහුදේ පාවෙමින් සිටියේය. නැවක් දුටු සැම විටම ඔහු තම ලාම්පුව පත්තු කර නැවියන්ගේ අවධානය ගැනීමට උත්සාහ කළේය. ඒ සෑම විටම ඔහු අසාර්ථක විය. ඔහුව මුදා ගැනීමට පෙර නැව් දහයක් පමණ සාගින්නේ සිටි මෙම යෞවනයා පසුකර ගියහ.

යේසුස්වහන්සේ නීති විශාරදයෙකුට (ලූක් 10:25) ගළවා ගැනීමට අවශ්‍ය වන කෙනෙක් ගැන උපමාවක් පැවසූ සේක. පුද්ගලයන් දෙදෙනෙකු – පූජකයෙක් සහ ලෙවියෙක් – ගමනක් යන අතර තුවාල වූ මිනිසෙකු දුටුවෝය. ඔහුට උපකාර කරනවා වෙනුවට ඔවුන් පාරේ එහා පැත්තෙන් ගියහ (31-32 පද). මන්ද කියා අපට එහි කියා නැත. දෙදෙනාම ආගමික මනුෂ්‍යයන් වූ අතර තම අසල්වැසියාට ප්‍රේම කරන්න යනුවෙන් කියැවෙන දෙවියන්වහන්සේගේ නීතිය හොඳීන් දැන ගෙන සිටින්න ඇති (ලෙවී කථාව 19:17-28). එය අනතුරු දායකයයි ඔවුන් සිතන්න ඇති. එසේ නැතිනම් මළ මිනියකට අත් ගැසීම නොකරන්න යන යුදෙව් නීතිය කැඩිමට ඔවුන් භිය වෙන්න ඇති. එසේ කිරීමෙන් ඔවුන් ආගමිකව අපිරිසිදු වෙති. එවිට මාළිගාවේ සේවය කිරීම තහනම් වේ. එයට පටහැනිව යුදෙව්වන් විසින් පිළිකුල් කරන සමරිතානුවෙක් වැදගත් පුරවැසියෙක් මෙන් ක්‍රියත්මක වුනි. අවශ්‍යතාවයෙන් සිටි මනුෂ්‍යයාව දුටු ඔහු පරාර්ථකාමීව ඔහුව බලා ගත්තේය.

යේසුස්වහන්සේ තම ඉගැන්වීම අවසන් කරමින් පැවසුවේ තම අනුගාමිකයිනුත් එසේ කළ යුතු බවයි (ලූක් 10:37). අන් අයට ප්‍රේමයෙන් උපකාර කිරීමට අවදානම ගැනීමේ කැමැත්ත දෙවියන්වහන්සේ අපට දෙන සේක්වා.