සිතිය නොහැකි ලෙස එංගලන්තය යටත් වීම නිසා ඇමෙරිකානු විප්ලවය අවසන් විය. බොහෝ දේශපාලකයින් සහ හමුදා නිලධාරීන් ජෙනරාල් ජෝර්ජ් වොෂිංටන්ව අලුත් රජෙකු කිරීමට දැඩි ලෙස උත්සාහ කළෝය. තමන් සතුව පරම බලය තිබෙන විට ඔහු නිදහස සහ ස්වෛරීය යන කාරණා අල්ලා ගෙන සිටීවිදැයි කල්පනා කරමින් ලෝකයේ සෙනග ඔහු දෙස ඇස් යොමා සිටියෝය. එංගලන්තයේ රජවූ තුන්වන ජොර්ජ් රජුට වෙනත් යථාර්ථයක් තිබුණි. වොෂිංටන් බල තණ්හාවට විරුද්ධව සිට ඔහුගේ වර්ජිනියා ගොවිපළ වෙත ගියහොත් ඔහු ලෝකයේ ශ්‍රේෂ්ඨතම මිනිසා වනු ඇති බවට රජුට ස්ථීරත්වයක් තිබුණි. බලයට ඇති ආකර්ෂණයට විරුද්ධව සිටීමෙන් ශ්‍රේෂ්ඨත්වය, සත්‍ය වැදගත්කම සහ උදාරත්වය පෙන්නුම් කරන බව රජු දැන සිටියේය.

පාවුල්ද මෙම සත්‍යයම දැන සිටියේය. ඔහු අපව දිරිමත් කළේ ක්‍රිස්තුස්වහන්සේගේ යටහත් මාර්ගය අනුගමණය කිරීමටය. යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේම ස්වභාවය දැරුවත් දෙවියන්වහන්සේට ඇති සමානත්වය තම වාසියට හරවා නොගත් සේක (පිලිප්පි 2:6). ඒ වෙනුවට උන්වහන්සේ තමන්ගේ බලය යටත් කර දාසයෙක් වී මරණය දක්වා කීකරු වූ සේක (7-8 පද). සියලු බලය හිමිව සිටි තැනන්වහන්සේ ප්‍රේමය නිසා බලයේ සෑම අංශුමාත්‍රයක්ම යටත් කළ සේක.

එහෙත් පරම ප්‍රතිස්ථාපණයක් පෙන්නුම් කරමින් දෙවියන්වහන්සේ අපරාධකරුවෙක් ලෙස කුරුසියේ සිටි යේසුස්වහන්සේව උසස්ම ස්ථානයට පත් කළ සේක (9 පදය). අපගේ ප්‍රශංසාව හෝ කීකරුකම හෝ ඉල්ලා බල කිරීමට යේසුස්වහන්සේට හැකියාව තිබුණි. නුමුත් විශ්මිතව තම බලය යටත් කර ගෙන අපගේ නමස්කාරය සහ භක්තිය උන්වහන්සේ ජය ගත් සේක. පරම යටහත්කමකින් යේසුස්වහන්සේ සත්‍ය ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් කර ලෝකය උඩු යටිකුරු කළ සේක.