පාසැල්වාරය ආරම්භ වූ පසු සී.ජේ. සෑම සන්ධ්‍යාවකම පාසැල් බසයෙන් බිමට පැන ඔහුගේ නිවසට යනතෙක්ම නටමින් යන්නේය. පාසැලෙන් පසු සී.ජේ ගේ මෙම නැටුම ඔහුගේ මව ඡායාරූප ගත කර එය බෙදා හැරියාය. ඔහු නැටුවේ ඔහු ජීවිතය භුක්ති වින්ද නිසා හා ඔහුගේ සෑම පියවරකින්ම ජනතාව සන්තෝෂ කිරීමටය. එක් දිනක් කසළ කම්කරුවන් දෙදෙනෙක් ඔහු සමග නටමින්, කැරකෙමින් අන් අයව නටන්න දිරිමත් කරන මෙම තරුණයා සමග නැටුවෝය. මේ තිදෙනා අවංක බෝවන සුළු සන්තෝෂයක් ප්‍රදර්ශනය කළෝය.

ගීතාවලිය 149 හි දෙවියන්වහන්සේ තුළ කොන්දේසි රහිත ප්‍රීතියේ මූලික මූලාශ්‍රය විස්තර කරන්නේය. එකතු වී දෙවියන්වහන්සේට “අලුත් ගීතිකාවක්….. ගායනා කරව්” (1 පදය) කියා ගීතිකාකරු අපව උනන්දු කරයි. ඔහු ඉශ්‍රායෙල්ට ආරාධනා කරන්නේ “තමා මැවූ තැනන්වහන්සේ කෙරෙහි ප්‍රීති වේවා” (2 පදය) කියාය. උන්වහන්සේ අපව කැඳවන්නේ සංගීතයෙන් සහ නටමින් උන්වහන්සේට ප්‍රශංසා කිරීමටය (1-3 පද). ඒ ඇයි? ස්වාමින්වහන්සේ තම සෙනග ගැන සන්තෝෂ වන හෙයිනි. උන්වහන්සේ යටහතුන් ජයග්‍රහණයෙන් සරසන හෙයිනි (4 පදය).

අපගේ අනගි පියාණන් අපව මවා විශ්වය නඩත්තු කරන සේක. උන්වහන්සේ අප ගැන ප්‍රීති වන්නේ අප උන්වහන්සේගේම ප්‍රේමණීය දරුවන් වන නිසාය. උන්වහන්සේ අපව සැළසුම් කළ සේක. අපව දන්නා සේක. අපව උන්වහන්සේ සමග පුද්ගලික සම්බන්ධතාවයකට කැඳවන සේක. කෙතරම් ගෞරවයක්ද! අපගේ සදාකාල ප්‍රීතියට හේතුව අපගේ ප්‍රේමණිය සහ ජීවමාන දෙවියන්වහන්සේය. උන්වහන්සේගේ අඛණ්ඩ අභිමුඛය නැමති ත්‍යාගය ගැන අපට සතුටු විය හැකිය.